ඉන්ධන අර්බුදය : අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු රජයේ සේවකයින් හෙට වැඩට එන්න එපා – අගමැති රනිල්

Date:

හෙට (20) දිනයේදී අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු රජයේ සේවකයින්ට සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ මොහොතේ රටේ පවතින තත්වය අනුව කෙටි කාලීනව ඉන්ධන ඉතුරු කර ගැනීම සඳහා මෙම පියවරට යන බවයි ඒ මහතා සඳහන් කළේ.

අශෝක් අබේසිංහ – “සඳුදා අපොස සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා අගමැතිතුමනි. ඒ දරුවන්ට විභාග මධ්‍යස්ථානවලට යන්න ක්‍රමවේදයක් සලස්වන්න වෙයි අඩුගාණෙ ලංගම බස් රථ හරි දාලා. මොකද මේ ඉන්ධන ප්‍රශ්නෙ නිසා ඒ ළමයි අසරණ වෙලා ඉන්නවා කොහොමද යන්නෙ කියලා …. “

අගමැති – “මම කියන්න කැමතියි සති අන්තය වෙනකොට පෙට්‍රල් ඩීසල් තියෙන නිසා මම හිතන්නෑ ඒ ප්‍රශ්නය උඝ්ර වෙයි කියලා. ජුනි මාසෙ මැද වෙනකල් අපට ඉන්ධන තියෙනවා. ඒ වෙනකොට විභාගෙත් අවසන් වෙනවා. විශේෂයෙන්ම හෙට ගැන මම කියන්න කැමතියි, රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සේවකයින්ට වැඩට එන්න එපා කියලා අපි කියනවා. මොකද එතනින් ඉන්ධන ටිකක් අපට බේරාගන්න පුළුවන් මේ සති අන්තය කරන්න. ඊට පස්සෙ ඒ ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා. ඒක නිසා හෙට ඒ අත්‍යවශ්‍ය නැති සේවකයින්ට කියනවා එන්න එපා කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය නැති ගමන් හෙට යන්න එපා කියලා ඉල්ලනවා. ඊට පස්සෙ අපට පුළුවන් මේ ප්‍රශ්නය විසඳාගන්න”

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...

සුමන්තිරන්ලාගේ හර්තාලයට බාල්දි පිට බාල්දි!

කොළඹ LNW:උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18) පැවැත්වීමට නියමිත හර්තාල්...