ගෝඨාගෝ ගමට පහරදීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට මන්ත්‍රීවරියක ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට !

Date:

මැයි 09 වැනිදා ගාලුමුවදොර අසල ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියකද අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම මන්ත්‍රීවරිය හංවැල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පිරිසක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...