ඩෙංගු මරණ 15ක් වෙයි. අධි අවදානම් කලාප 39ක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඊයේ දිනය වන විට වසරේ ගෙවුණු කාලය පුරා ඩෙංගු රෝගීන් 29589ක් වාර්තා වී තිබෙන අතර ඉන් 15ක් මිය ගොස් ඇති බවත් ඩෙංගු අධි අවදානම් කලාප 39ක් හඳුනා ගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.

වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර රට පුරා ඩෙංගු ව්‍යාප්තිය පවතින බවයි ඇය පෙන්වා දෙන්නේ.

”2026 මැයි 18 වන දිනය වන විට ඩෙංගු රෝගීන් 29589ක් වාර්තා වී තිබෙනවා. එයින් රෝගීන් 15 දෙනෙක් මරණයට පත්වෙලා තියෙනවා. අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක් හදුනාගෙන තිබෙනවා. ඊට අමතරව බස්නාහිර පළාතෙන් තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ. දකුණු සහ සබරගමු පළාත් ඊළඟට. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් කොළඹ ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, නුවර යන දිස්ත්‍රික්ක වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙනවා. මේ දිනවල කඩින් කඩ ඇතිවන වර්ෂාව නිසා ඩෙංගු රෝගීන් බෝවෙන ස්ථාන වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙන බව අපි දන්නවා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා විනාශ කරන ලෙසත් මදුරු දෂ්ටන වලින් වැළකීම සඳහා මදුරු විකර්ශන ආලේපන භාවිතා කිරීම, ඉතා කුඩා දරුවන්, ගර්භනී මාතාවන් වැඩිහිටි අය, වෙනත් රෝග තිබෙන අය උණ ඇති අවස්ථාවක ඩෙංගු රෝගයද නැද්ද යන්න සැක හැර දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයින් පළමු දිනයේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම්කිසි කෙනෙකුට තද උණ තියෙනවා නම් මේ වෙලාවේ පරසිටමෝල් ඖෂධය හැර වෙනත් විවිධ ඖෂධ භාවිතා කරන්න එපා උණ බැස්සවීම සඳහා වෛද්‍ය උපදේශයකින් තොරව.” යනුවෙන් ඇය තවදුරටත් අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...