සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ.
මෙය 2023 මාර්තු 20න් පසුව ඇමරිකානු ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම අගයයි.
ගතවූ සති දෙකක කාලය තුළ ඩොලරයේ අගය ඉහළ ගිය ආකාරය පහත සටහනින් දැක්වේ.

මේ අතර අද (19) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339 – 342 ද ඉක්මවා ගොස් තිබෙනු දක්නට ලැබිණි.








