දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා – ජනපති (VIDEO)

Date:

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ඉවත් කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“වැටුප් ගැන අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවලට. මම කතා කරන්න කිව්වා මොකක්ද අපි කරන්නේ කියලා, මේක එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙන්නෙ. මෙහෙ විතරක් නෙවෙයි. ඒත් මේක කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකෙන් හානියක් වෙන්නෙ නෑ, බය වෙන්න එපා. ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා, සාමාන්‍යයෙන් එකක් නොවෙන විදියට තමයි අපි ඒක කතා කළේ. දෙවනුව තියෙන්නෙ ඊට වඩා විශාල ප්‍රශ්නයක්. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම් බැංකු ගියා නම් ඔක්කොම ගිහිල්ලා, ආපහු වෙන මොකුත් කතා කරලා වැඩක් නෑ. ඉතින් ඒ දෙක අපට කරන්න තියෙනවා මේකත් යන ගමන්. අපි ඒ දෙකම දැනට කරගෙන යන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නැතුව අපට සාකච්ඡාවලට යන්න බෑ. මම බලන්නේ සැප්තැම්බර් වෙනකොට මේ ප්‍රශ්නය ඉවර කරලා, බංකොලොත්භාවය කියන තීන්දුව ඉවත් කරගන්න. මේ ඔක්කොම කරනවා නම් බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...