(VIDEO):ඉරාන්,මම,කබීර් අපි ලෑස්තියි. හදුන්,අනිල්,සීතා එන්න අපි ඇති තරම් විවාද කරමු – හර්ෂ

Date:

කොළඹ LNW: තවදුරටත් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති අතර ඔහුට නැවත අවස්ථාවක් නොමැති හෙයින් ජනතාව බලාපොරොත්තු වන්නේ සජිත් ප්‍රේමදාස කණ්ඩායමේ සහ අනුර දිසානායක කණ්ඩායමේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න වන නිසා ඒ දැන් ඇතිතරම් කාලයක් විවාද කළ හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

හරීන් ප්‍රනාන්දු පවසන ආකාරයට අවශ්‍ය නම් එදිනට නිවාඩුවක් වුව දෙන ලෙසයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

දෙපාර්ශවයේම කණ්ඩායම දැන් විවාදයට සූදානම් හෙයින් රටේ සමස්ත ජනතාවට ආර්ථික ප්‍රතිපත්තිය ගැන දැන ගැනීම වෙනුවෙන් දැන් විවාදය කළ හැකි නිසා කරුණු කාරණා සම්බන්ධයෙන් පැහැදිලිභාවයක් සමාජයට ලබා දිය යුතු වන බවට මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විශේෂයෙන් වෙළෙඳපොළ ක්‍රමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කාරණා ජනතාව ඉදිරියේ නිරාකරණය විය යුතු බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (19) රාත්‍රියේ පැලවත්තේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...