(VIDEO):ඉරාන්,මම,කබීර් අපි ලෑස්තියි. හදුන්,අනිල්,සීතා එන්න අපි ඇති තරම් විවාද කරමු – හර්ෂ

Date:

කොළඹ LNW: තවදුරටත් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති අතර ඔහුට නැවත අවස්ථාවක් නොමැති හෙයින් ජනතාව බලාපොරොත්තු වන්නේ සජිත් ප්‍රේමදාස කණ්ඩායමේ සහ අනුර දිසානායක කණ්ඩායමේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න වන නිසා ඒ දැන් ඇතිතරම් කාලයක් විවාද කළ හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

හරීන් ප්‍රනාන්දු පවසන ආකාරයට අවශ්‍ය නම් එදිනට නිවාඩුවක් වුව දෙන ලෙසයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

දෙපාර්ශවයේම කණ්ඩායම දැන් විවාදයට සූදානම් හෙයින් රටේ සමස්ත ජනතාවට ආර්ථික ප්‍රතිපත්තිය ගැන දැන ගැනීම වෙනුවෙන් දැන් විවාදය කළ හැකි නිසා කරුණු කාරණා සම්බන්ධයෙන් පැහැදිලිභාවයක් සමාජයට ලබා දිය යුතු වන බවට මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විශේෂයෙන් වෙළෙඳපොළ ක්‍රමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කාරණා ජනතාව ඉදිරියේ නිරාකරණය විය යුතු බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (19) රාත්‍රියේ පැලවත්තේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...