*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශක්තියේ දරාගැනීම සහ ආදරයේ හුදෙකලාවීම

සටහන – නිශ්මං රණසිංහ

මැයි 20, කොළඹ (LNW): සුළු වේලාවකට පෙර යෝධ මිනිසෙක් අභිබවා යා හැකි අන්දමට ඔහු සටන් කරමින් උන්නේය.ඇසට ඉහළින් ලේ වැඟිරෙන්නට වැදුණු මැහුම් හතරක් ගැඹුරට හෑරුණ තුවාලයටවත් නවත්තන්නට බැරි වූ ඔහු,සිය විශාල දරා ගැනීම පෙන්වන ඇහැට උඩින් ඇති තුවාලයට යටින් ඇති ඇස්වලින් කඳුළු වැගිරෙන්නට දී වචන පැටලෙන්නට දුන්නේය.ඒ සිය බොක්සිං ජීවිතය නිසා හරියට දකින්නටවත් නොහැකි වූ සිය පියාගේ මරණය සිහියට පැමිණය.දරුවන්ගේ උපන් දින,උපත් මෙන්ම පවුලක් හැටියට විනෝදයෙන් සිටීමට ඔහු දක්වන කැමත්ත අහිමි කළ බොක්සිං,තමන් ලෝකයට වීරයෙකු කිරීම ගැන උද්දාමය මෙන්ම තමන් සමීපතමයන්ගෙන් ඈත් කිරීම ගැන සංවේගය ද පළ කරන්නේය.බොක්සිං ගැන කතා නොකර ඉමු කියන්නේ එය ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මැයි 19 වන දා ඓතිහාසික ජයග්‍රහණයක් කරා පැමිණෙන තෙක්ම මදි නොකියන්න සිය ජීවිතයේ හුස්ම සමඟම වෙලී තිබුණ නිසා විය යුතුය.


ඒ දැවන්ත ජයග්‍රහණයේ උරුමක්කාරයා,ඔලෙක්සැන්ඩර් උසික් ජයග්‍රහණයේ ගෞරවය “මගේ කණ්ඩායමට බොහෝම ස්තූතියි. ඒක මගේ පවුලට, මට, මගේ රටට ලොකු අවස්ථාවක්. ඒක නියම දවසක්.” ලෙස බොක්සිං වළල්ලේ සිටම පවරා නොනැවතිණි. “2008 සිට මම මේ සඳහා සැලසුම් කරමින් සිටියෙමි. එය මට නොවේ. එය මගේ දෙවියන්, මගේ ආධාරකරුවන්, මගේ රට, යුක්රේන සොල්දාදුවන්, යුක්රේන මව්වරුන් සහ පියවරුන්, දරුවන් සඳහා ය. ඔහු පැවසීය.


වසර 25 ක් තිස්සේ ලෝක බොක්සිං කවුන්සිලය (WBC),ලෝක බොක්සිං සංගමය(WBA),ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය(IBF),ලෝක බොක්සිං සංවිධානය(WB0) යන සිව් අතම නියෝජනය වන හෙවිවේට් සූරයෙක් ලෝකයට නොසිටියේය.ඉන් පටි තුනක අයිතිය යුක්රේනයේ ඔලෙක්සැන්ඩර් උසික් සතුව තිබුණත්, WBC සූරතාවයේ හිමිකාරීත්වය තිබුණේ බ්‍රිතාන්‍ය නියෝජනය කළ ටයිසින් ෆුරී ට ය.මේ පටි හතරටම එකම උරුමක්කාරයෙක් සැකසෙන සටනක් ලොවට අවශ්‍යව තිබුණු අතර එය සංවිධානය කිරීමේ වගකීම සවුදි අරාබියේ රියාද් නගරය ඉතා කැමත්තෙන් භාර ගත්තේය.


බොක්සිං ක්‍රිඩා සංස්කෘතිය ඇතුළත මෙවැනි ඓතිහාසික තරගයක් සංවිධානය කිරීම මීයක් කැඩීම හා සමානය.එසේ කඩන මීයෙන් අත පිස ගන්නවාට වඩා රසවත් ලාභයක් ඉපැයිය හැකි බව ඔව්හූ දැන උන්හ.එයට උදාහරණ අපමණ හමුවන මහා ජන ඟගුලක් වටකොට තැණුන රියාද් කිංඩම් ඇරීනා බොක්සිං කවය ඔලෙක්සැන්ඩර්ගේ සහ ෆූරිගේ රසිකයන්ගෙන් මෙන්ම බොක්සිං ලෝලීන්ගෙන් පිරී ඉතිරිණි.
පටි තුනක උරුමය ඒ වන විටත් දරා සිටි ඔලෙක්සැන්ඩර් වඩා සමතෙක් ලෙස පෙණුනද පෙණුමෙන් ටයිසන් ෆූරි දැවන්ත විය.ඔලෙක්සැන්ඩර් අඩි 6.8 ක් පමණ උස කිලෝ ර්‍ග්‍රෑම් 119 ක් බරැති දැවන්තයෙක් වූ අතර ඔලෙක්සැන්ඩර් කිලෝ ග්‍රෑම් 100 බර අඩි 6.2 ක් උස කෙනෙක් විය.ඉහළට හිස ඔසවා මුහුණ බලන්න වෙන දැවන්තයා ඉදිරියේ ඔලෙක්ස්සැන්ඩර් තවත් අතකින් වසර දෙකකින් වයසින්ද වැඩිමහල් අයෙකු විය.ඔහු 37 හැවිරිදි වූ අතර ටයිසන් ෆූරි ට 35 ක් විය.


ඔලෙක්සැන්ඩර් ට තිබුණු වාසිය ඔහුගේ සිරුර නමනීයත්වයෙන් වැඩි වීමය.ඒ නිසාම ටයිසන්ට අත දිග හැරීමට හැකි ප්‍රමාණයට දුරින් සිටින අතරේ නමනීය සිරුර වේගයෙන් හසුරුවමින් ටයිසන් තුළට පැමිණ පහර දි යන්නට ඔලෙක්සැන්ඩර් සමත් විය.එහෙත් ටයිසන්ගේ ද එල්ලය ඔලෙක්සැන්ඩර්ගේ සිරුර පුපුරා යන්නට තරමේ කුළු පහරවල් විය.ඒ නිසාම තරගයේ තීරණය සංකීරණ එකක් විණි.විනිසුරුවන් තිදෙනෙක්ගෙන් දෙදෙනෙක් ඔලෙක්සැන්ඩර්ට කැමති වී තිබුණ ද,ටයිසන් ජයගත් බව විශ්වාස කරන බව සිතූ අයෙක්ද සිටියේය.


තරගයෙන් පසුව මේ 3-2 ක් ලෙස බෙදුණු තීරණය ගෙන ටයිසන් විනිශ්චය විවේචනය කරන්න ද විය.ඇතැම්හූ එම තීරණය 3-0 ක් නොවීම පිළිබඳව ඔලෙක්සැන්ඩර්ගේ පැත්තේ සිට ද තර්ක ඉදිරිපත් කළහ.ඒ එකිනෙකාගේ ආශාවන්වල දිග පළලය.විනිශ්චයකරුවා පාර්ශවකරුවෙක් නොවී නිවැරදි තීරණය ගන්නට ඇතැයි සිතන්නට හැකිය.එහෙත් ටයිසන් තමන්ගේ පැත්තෙන් අදහස් දක්වමින් කළ කතා පරාජය මත නැඟෙන පීඩාව සහ ආවේගය නිසා වන්නට පුළුවන්ය.එහෙත් යුද්ධයට අනුකම්පා කරලා ඔලෙක්සැන්ඩර්ට කැමත්ත පළ කළා කියන කතාවනම් එතරම් සදාචාරාත්මක නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan