ඉරාන ජනාධිපතිගේ අභාවප්‍රාප්ත වීම වෙනුවෙන් අගමැතිගේ ශෝකය!

Date:

ඉරාන ජනාධිපති Ebrahim Raisi සහ විදේශ අමාත්‍ය Hossein Amir-abdollahian යන මහත්වරු, ඛේදජනක හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන්, සිය දැඩි ශෝකය පළ කරමින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඉරාන ඉස්ලාමීය ජනරජයේ උප ජනාධිපතිවරයා වෙත යැවූ ශෝක පණිවුඩය.

අතිගරු මොහොමඩ් මොක්බර්,

ඉරාන ඉස්ලාමීය ජනරජයේ උප-ජනාධිපති

අතිගරු මැතිඳුනි,

අතිගරු ජනාධිපති ඊබ්රහිම් රයිසි (Ebrahim Raisi) සහ විදේශ අමාත්‍ය හොසේන් අමිර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-abdollahian) ඛේදජනක හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්‍රාප්ත වීම ගැන දැනගැනීමෙන් මම දැඩි ශෝකයට පත් වීමි.

අභාවප්‍රාප්ත ජනාධිපතිතුමා ඉරාන ජනතාව වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය අති උත්කෘෂ්ඨ වේ. ඇත්තවශයෙන් ම අතිගරු ඊබ්රහිම් රයිසි ගේ අවසන් විදේශ සංචාරය වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉරානයේ ආධාර සමඟින් ඉදි වූ ශ්‍රී ලංකාවේ ජනතාවට අතිශයින් ඵලදායී වන උමා ඔය ජල විදුලිය සහ වාරිමාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහාය.

ඔහුගේ සංචාරයේදී මම ඔහු සමඟ සමීපව කටයුතු කළ අතර ඉරානයේ සහ එහි ජනතාවගේ සමෘද්ධිය මෙන් ම ගෝලීය සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ඔහුගේ අවංක දැක්ම පිළිබඳ ව මම බෙහෙවින් පැහැදීමට පත් වීමි. ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් මෙන් ම පෞද්ගලික ව මා වෙනුවෙන් ද ඉරාන රජයට, ජනතාවට සහ අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාගේ වියෝවෙන් ශෝකයට පත් වූ පවුලේ ඥාතීන්ට මාගේ හද පිරි ශෝකය ප්‍රකාශ කරමි.

අතිගරු මැතිදුනි, කරුණාකර මගේ ඉහළ ම ගෞරවය පිළිගන්න.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...