තුසිත හල්ලොලුව සමඟ ගමන්ගත් නීතීඥවරයාගේ ජංගම දුරකථන විර්මශනයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලිපියක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

තුසිත හල්ලොලුව මහතා සමග ජනාධිපති නීතීඥ නීති උපදේශන සේවාවකට සහභාගීවී නැවත පැමිණීමේදී නාරාහෙන්පිට වට රවුම අසලදී ගමන් කළ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ගමන් ගත් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගේ ජංගම දුරකථනය  ලබා දෙන ලෙස  කොළඹ අපරාධ කොට්ඨාශය වාචිකව දැනුම් දී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.

එම ලිපියෙන් දක්වා ඇත්තේ තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තරද එම දුරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමාගේ වගකීමක් බවයි .

තවද එකී තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වන සහ ඒ බව තමාහටත් සහතික වන පරිදි සහ තමා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත නඩුකරය විසින් නියම කරන මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට බැදී සිටින බව ඔහු සඳහන් කර ඇත.

එම ලිපිය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...