*
Tuesday, May 20, 2025
spot_img

Latest Posts

හිටපු වියළි කලාප ඇමතිනී චන්ද්‍රානිට නඩු පවරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබේ.

ඒ, 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ අදාළ අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙනි.

ඒ අනුව, අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට කොළඹ මහාධිකරණය හමුවේ හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කටයුතු ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan