විපක්ෂයේ එකඟතා පොදු එකඟතා වෙන්නේ නෑ.ඔයා හා හෝ ගෑවට ඔය දීග හරියන්නේ නෑ – සමන්ත විද්‍යාරත්න

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතන බලය ඇල්ලීම වෙනුවෙන් එකඟතාවලට පැමිණීමට විපක්ෂයට හැකියාවක් නොමැති අතර මේ වන විට විපක්ෂය ඒ වෙනුවෙන් උත්සහ දැරුවද ඒවා සාර්ථක නොවන බව අද (20) කොළඹදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේය.

එම දීග හරියන දීග නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට වංචා දුෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන පසුබිමක ඔවුන්ට සමඟි වීමට සිදුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයේදීද ජනතාව ජන්දය දී ඇත්තේ විරුද්ධ පක්ෂ ප්‍රතික්ෂේප කරමින් වන බවත් මාලිමාවට බහුතර ජන්ද ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළ අතර නොගැලපෙන කණ්ඩායම් එකතු වී රටේ ජනතාවට සාධාරණයක් කළ නොහැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...