හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට වාරණ නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

අද (20) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා, ලේකම්වරයා ඇතුළු එම ආයතනයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි  සිල්වා සහ එහි ලේකම්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර, එම වාරණ නියෝගය දිනා 14 ක කාලයක් බල පැවැත්වෙන බවත් එහි සඳහන් වී ඇති බව පැවසේ.

පැමිල්ලිකරුවන් කියා සිටින්නේ ඉකුත් 05 වනදා කඩුවෙල දිසා අධිකරණය අසල මාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා වන බවට අසත්‍ය ප්‍රකාශයක්  සිදු කර තිබූ බවයි. 

පැමිණිලිකරුවන් චෝදනා කර සිටින්නේ, මේ තුළින් තමන්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැඩි අපහසයක් සිදුවී ඇති අතර ඒ තුළින් මහජනතාව නොමග යැවීමක් සිදුවන ඇති බවත්ය .

මේ තුළින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් වග උත්තරකරුගෙන් අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...