මිරිහානේ “අරාබි වසන්ත” කෙනෙක් CID අත්අඩංගුවට

Date:

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති විරෝධාතාවක් අතරතුර හමුදා බස් රථයකට ගිනිතැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දිනයේදී දැරණියගල ප්‍රදේශයේදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන මෙම සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැඩි පොලිස් සහ හමුදා රැකවල් ඇති ස්ථානයක මෙම බස් රථය ගිනිතැබීමේ සිදුවීම සිදුවූයේ පසුගිය මාර්තු 31 වනදා වන අතර ඊට සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට දින 49ක කාලයක් ගතවීම විශේෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...