ජනපති නියෝගත් තුට්ටුවකට නොතකා විනාශයට මගපෑදූ පොලිස්පති තවමත් ඉන්නේ කාගේ හයියෙන්ද ?

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ය.

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂිය අනුව පමණක් නොව හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ කරුණුත් අනුව පොලිස්පතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග පවා නොතකා මෙම ප්‍රහාරයට ආධාර හා අනුබල ලබාදී ඇති බව පැහැදිලි ය.

ඒ අනුව ජනතාවට ඇති ප්‍රශ්නය වන්නේ ඔහු තවමත් පොලිස්පති තනතුරේ රැඳී සිටින්නේ කාගේ හයියෙන්ද කියා ය.

විශේෂයෙන්ම මෙහි ප්‍රධානතම චූදිතයෙකු වශයෙන් ඔහු යටතේම පවතින පොලිසිය සිදුකරන විමර්ශන ගැන ජනතාව විශ්වාසය තබන්නේ කෙසේද ?

එම ප්‍රහාරයෙන් පසුව එල්ල වූ ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතිවිශාල පිරිසක් මේ වනවිටත් සී. ඩී. වික්‍රමරත්නගේ පොලිසිය විසින්ම අත් අඩංගුවට ගෙන තිබේ. එවිට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ “නඩුත් හාමුදුරුවන්ගේ – බඩුත් හාමුදුරුවන්ගේ” ක්‍රමයටදැයි යන සාධාරණ සැකය ජනතාවට ඇතිවේ.

එහෙයින් සමස්තයක් වශයෙන් රටේ නීතිය පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳවත් ජනතා විශ්වාසය බිංදුවටම වැටෙන්නට පෙර කවුරුන් හෝ විසින් පොලිස්පතිවරයාව තනතුරෙන් ඉවත් කළ යුතුව තිබේ.

පොලිසියේ විනය බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිසම නම් මෙහි වගකීම ඔවුන් සතු විය යුතුය. රටේ නීතියක් ඇති නම්, එය ක්‍රියාත්මක වනවා නම් සී. ඩී. වික්‍රමරත්නත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගිය පාරේම යා යුතුව ඇත ….

එසේ නොවනවා නම් ජනතාවට සිදුවන්නේ රමේෂ් පතිරණගේ කතාව බොරුවක් බවත් ප්‍රහාරය වැළැක්වීමට ජනාධිපතිවරයාත් කටයුතු කර නොමැති බවත් පිළිගැනීමට ය.

  • දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...