වාහන සඳහා රේගු ආනයන බද්ද ඉහළ දැමීමට පෙර දිනයේ එනම්, මැයි 15 වනදා වාහන 4000ක් ආනයනය කිරීම උදෙසා ව්යාපාරිකයින් දෙදෙනෙකු විසින් ණයවර ලිපි විවෘත කර ඇති බවට විපක්ෂය ගෙනයන ප්රචාරය සම්පූර්ණයෙන්ම අසත්ය බව මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය සහ කම්කරු අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
“ඔය ගොඩාක් දේවල් සංඛ්යාවල් කියනකොට හරි බරපතළයි. ඇයි හේතුව ? ඒගොල්ලන් බොරු සංඛ්යා කියනවා. පළමුකොටම මේ මැයි 15 වෙනිදා වාහන 4000කට වැඩිය ණයවර ලිපි විවෘත කළා කියන එක සම්පූර්ණ බොරුවක්. මං හරිම ගාණ කියන්නම්. 15 වෙනිදා LC විවෘත කරලා තියෙන වාහන ගාණ 1782 යි. ණයවර ලිපි 380ක් විවෘත වෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 23.71ක් යනවා. මේක තමයි දත්තය. මේ විපක්ෂයේ මේ තොරතුරු ඉදිරිපත් කරන අය ලැජ්ජාව, සදාචාරය පැත්තකට දාලා මේවා කියන්නෙ. හෙට මේක බොරුවක් බවට පත්වෙනවා කියලා වගේ වගක් නෑනෙ. 4000ක් නෑ. ඒ වගේ ලොකු සංඛ්යාවක් කීම තුළ උත්සාහ කරන්නෙ ඔවුන් මුහුණ දීලා තියෙන අර්බුදයෙන් ගොඩයන්න, රටේ ප්රශ්නයක් තියෙනවා කියලා මහජනතාව නොමග යවන්න. ඕක හෙට වෙනකොට ඒගොල්ලන් වෙන මොකක් හරි කියයි”
අනිල් ජයන්ත ප්රනාන්දු ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (19) රාත්රියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.


