උස් ස්ථානයන්හි ඩෙංගු මැඩීමට ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් BTI රසායනිකය ඉසියි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම අද (20) දින සිදුකෙරුණු අතර , එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථාන වෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කරනු ලබයි.

2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35,419 දෙනෙක් වාර්තා වී ඇති අතර , ඉන් වැඩිම රෝගීන් සංඛාවක් වන රෝගීන් 7,978 දෙනෙක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,411ක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා රෝගීන් 2,121 දෙනෙක් වාර්තා වී ඇත .

බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර මෙසේ අදහස් දැක්වීය .

“ජලය ඉවත් කරන්න බැරි තැන්වලට තමයි අපි කීට නාශක ඉසින්නේ. අපි මෙතනදි භාවිත කරන රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් ඉන්න මදුරු කීටයොත් විනාශ වෙනවා. ඒ තැන්වල මදුරුවන් ආපසු අලුතිත් බිත්තර දැමීමක් සිදුකරන්නෙත් නැහැ.”

මෙම වැඩසටහන දැනට රට තුළ තිබෙන තත්ත්වය පහව යනතෙක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර , අදාළ ඩ්‍රෝන යානය දෛනිකව කොළඹ, කළුතර සහ ගම්පහ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙතම ලබාදීමට ද සැලසුම් කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...