පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක්  පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW):අද දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී, පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක්  පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව පැවසේ.

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙීපොල, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අද දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර, 2015 / 2016 / 2917 යන වර්ෂවල උසස්පෙළ ඔනෑම විෂය ධාරාවකින් එක් වරකදී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැදවන ලද අතර ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836 ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

කණ්ඩායම් දෙකක් වශයෙන් එම පිරිස පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කල අතර පළමු කණ්ඩායම පුහුණු පාසල්වල පුහුණුව අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එහි දෙවන කණ්ඩායම මෙම කණ්ඩායම වන අතර මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භකරන ලද නව පුහුණු මධ්‍යස්ථාන වන ද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු වීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350 ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක් සේවය කරනු ලබන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...