*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බරම ලාංකේය පන්චි එක අද රින්ග් එකෙන් පිටට

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): බොක්සිං නිසාම බොහෝ මිනිසුන්ගේ ජිවිතවල,රැකියාවන්වල තීරණාත්මක මොහොතවල් සිය අතට ගැනීමට ඩයන් ගෝමස්ට සිඳු විය.ඒ ජීවිතවල හැරවුම් ලක්ෂය ඔහු විය.පරිපාලනයේ දී මෙන්ම ක්‍රීඩක ජීවිතවල ද ජීවන ගමන වෙනස් කිරීමට ඔහු මැදිහත්කරුවෙක් විය.සමහර අයෙකුගේ ජීවිතයේ කීර්තිය මෙන්ම වෘත්තිය ද වෙනුවෙන් ඔහු සිය පෞද්ගලික ධණය වැය කළ අවස්ථා රහස් සේ සැඟවී ඇත්තේ ඒවා ඔහු බෙදා ගෙන ඇත්තේ කෙළ බිඳක් නොහැලෙන මිනිස්සු සමඟ වන හෙයින්ය.
එහෙත් සියල්ල දන්නා අයට, සියල්ල විඳ ඇති අයට විශ්මය දනවන දේ සිඳු කරමින් මේ මොහොතේ ඩයන්ට බොහෝ දේ මිනිසුන් ගැන ඉඟෙන ගැනීමට තව තිබෙන බව අන්තිම පාඩම ලෙස ඉගෙන බොක්සිං පිටියෙන් බැස යන්නට සිඳුව ඇත.


“දැන් ඇති මචං”


දශක දෙකක් ඉක්මවන ඔහුගේ බොක්සිං පරිපාලන ගමන නිමා කරන තැන සිට ඔහු සිය හිතවතුන්ට පවසන්නේ තෘප්තියෙන්ය.බොක්සිං සමාජ ගත ආලෝකමත් ක්‍රීඩාවක් මෙන්ම යම් ආකාරයක ඒ වටා විවිධ වෘත්තීන්වලට රට ඉක්මවා යා හැකි මට්ටමක් ඇති වූ ආකාරය ඩයන් යටතේ සිඳු වූ බව අප පිළිගත යුතුය.විශේෂයෙන්ම ඩයන් ඇඟළුම් කේෂ්ත්‍රයේ ජංගි මහන ජූකී කෙල්ලන් ලෙස සමාජගතව තිබූ සන්නාලියන්ගේ සන්නාමය රත්තරන් බවට පත් කළේය.එහිදී බොක්සිං ප්‍රධාන වශයෙන් ඉවහල් වුව ද,වෙඩි කැබූ රුවනි අබේමාන්න මෙන්ම දුවපු දමයන්ති දර්ශා වැන්නන් ද ප්‍රමුඛත්වයේ වූහ.


බොක්සිං ක්‍රීඩාව මාස් පවුලේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ ඩයන්ගේ සමුගැනීම සමඟය.එතෙක් මාස් ව්‍යාපාරයේ තීර්තිය වෙනුවෙන් ඔවුන්ගේ ඇඟළුම්වල ඉහළ ප්‍රමිතිය තරමටම බොක්සිං ද බැඳි තිබිණ.එසේම බොක්සිං කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් ද සමහර විට සිය කළ රැකියාවේ විශ්‍රාමය සමඟ යළි වෘත්තීය ජීවිතයකට බොක්සිං ද සමඟ මාස් හා බැදිණ.අලුතින් බොක්සිං උණ හැදුණු මිනිසුන් රටේ බොක්සිංවලින් නොනැවතී ජාතික සහ ජාත්‍යන්තර වගකීම් ගෙන පෙරට ආහ.එහෙත් එක් තැනෙක මේ අයට තමන් හයියට බිම පය තැබූ තැන සිට අවශ්‍යය වූයේ ඩයන්ට බොක්සිං වළල්ලෙන් පිටට වීසි වෙන්නට පහරක් එල්ල කරන්නටය.
ඒවා අපර් කට් පහරකින් දෙදන පන නැතිව වැටෙන තරමට ඇස් නිලංකාර වූයේ නැතත්,සිත් බොහෝ සේ තැලිණ.එහෙත් තරගයක පහරකින් නැවතෙන්න බැරි බව බොක්සිංනලට ඇති ආදරයෙන් මෙන්ම බැදීමෙන් ද උගත් ඩයන් සියල්ල දැන උන්නේය.ඔහු තරගය අත නොහැර උන්නේය.


බොක්සි අප දකින රවුම ඇතුළට යන්නේ තව බොහෝ පරිපාලන මෙහෙයුම් විඳ දරා ගනිමින්ය.බොක්සිං ක්‍රීඩකයාට සැනසීමෙන් සිය මුෂ්ටි ප්‍රහාරයන් එල්ල කරන්නට සැකසුණු බිමක් ලැබෙන්නේ ඊට වඩා කාලයක් වැය කර පාළකයන් හදන සැළසුම් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට දිනා දිය හැකි කීර්තියේ ප්‍රමානයෙන්ය.ඩයන් ඒ විශ්වාසය දිනාගෙන රටවල් 200 ක් ඇති ජාත්‍යන්තර බොක්සිං පරිපාලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වෙන්නේ ඒ හැකියාවෙන්ය.


ඒවා ප්‍රතිවාදියෙකුට වැටෙන්නට දෙන පන්චි එකකට වඩා හිතන්න ඕනි ප්‍රහාරයන්ය.ජයග්‍රහණය.මේ සටහන කියවන ඔබට ඒ අධ්‍යක්ෂ මණ්ඩලය කවරේද යන්න මෙන්ම ඔවුන් නියෝජනය කරන සමාජ පසුබිම කවරේද යන්න විමසා බැලීමෙන් හඳුනා ගන්නට හැකිය.සමහර දේශපාලකයන්ට විශාල සිහින පහළ වූ විට,ඒවාට යන්නට තමන්ගේ ව්‍යාපාරවල ඇල වී තිබෙන කළු දේවල් සුදු බවට පත් කර ගැනීමට විවිධ ආකාරයෙන් ක්‍රීඩාව යොදවා ගැනීමට උත්සාහ කරන අයුරු අපි දැක ඇත්තෙමු.මේ අත පෙවීම් නිසා විවිධ ක්‍රීඩාවන් ජාත්‍යන්තර වශයෙන් තහනම් වෙන බව ද අපි දුටුවෙමු.බොක්සිං ක්‍රීඩාවට ද එවැනි දේ සිඳු කරන්නට උත්සාහ ගත්ත ද,ඩයන් නික්මෙන තෙක් ඊට ඉඩ නොලැබිණ.


මේ නිසා අද (මැයි 21) ඩයන් ගෝමස් නික්ම යන තුරුම ඩයන්ගේ මුද්‍රාවෙන් ශ්‍රී ලංකා බොක්සිං ගලවා තබන්නට බොක්සිං ලෝකය ඇතුළේ ඉඩක් නොවිණි.ශ්‍රී ලංකාවේ බොක්සිං අනන්‍යතාවය ලෙස ඩයන්ගේ මුද්‍රාව තැබුණේ ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයා සහ බොක්සිං කේෂ්ත්‍රයේ බොහෝ වගකීම්වලට ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් දෙන්නට,ඒවා විමධ්‍යගත කරන්නට ඩයන්ට තිබුණ හැකියාව නිසාය.එක්තරා සමාජ පන්තියකට යර්ස් කියමින් පැවති බොක්සිං ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ඉරණම ඩයන් වෙනස් කළේ සමාජ විප්ලවයක් ලෙසය.එය ඇගළුම් කම්හලේ වෘත්තිකායට තිබුණ සමාජ පිළිගැනීම වෙනස් කළ ආකාරයේම බලපෑමක් මත සිඳු වූ බව පිළිගැනීමට නිහතමානිීව ඩයන් සම්බන්ධයෙන් යම් විවේචනයක් ඇති අයෙක් කිරීමට මැදිහත් විය යුතුය.එසේ නොවන තැන් හී දිනයක තමාගේ කැඩපතම තමාට කුහකයෙක් ලෙස චෝදනා කරනු ඇත.වඩා වැදගත් මිනිසෙකුට තමන්ගේම හෘද සාක්ෂිය බව සෑම මොහොතකම මතකයේ තබා ගැනීම වැදගත්ය.


කෙසේ හෝ බොක්සිං විප්ලවයක් මෙන් වසර විසි ගණනක් තුළ ලංකාවේ සමාජය තුළ වෙනස් හැඩයතට මාරු වී ගම නගරය අතර තිබෙන දුරස්තභාවය බිඳ දමා ඇති බව අප පිළිගත යුතුය.පුංචි පාසල්වල කොල්ලන් කෙල්ලන් ලෝකය දකින තැනක් බවට බොක්සිං පත්වීමේ අන්දරය ඇතුළේ ඩයන්ට එරෙහිවන්නන්ට ද ඒ කතාව කියන තැනක ඩයන් වෙනුවෙන් ලියැවී ඇති පරිච්ඡේදය මකා දමන්නට හෝ ඉරා දමන්නට බැරි ලෙස එය ශිලා ලිපියක ආකාරයෙන් ලියැවී තිබෙන බව ඇත්තය.


ඒ නිසා මේ ගැලවී යන්නේ ශ්‍රී ලංකාවේ බොක්සිං දැන් තිබෙන තත්ත්වයෙන් නැවත ඇල විය හැකි තරමටම එය සෘජුව තැබීමට බර දුන් උර දුන් මිනිසෙක්ය යන්න කිසි දිනක බොරු නොවේය.
“මට තව අවුරුදු දෙකක් වෙන රටක දේවල් අසාධාරණ විදිහට උඳුර ගන්නෙ නැතිව ලංකාවේ බොක්සිංවලට ලෝක මට්ටමෙන් සාධාරණ විදිහට දේවල් ලබා දෙන්න මැදිහත් වෙන්න පුළුවන්.මොකද මං වර්ල්ඩ් බොක්සිං එකේ තව අවුරුදු දෙකක් ඉන්න නිසා.”
ඩයන් නික්ම යන්නට මත්තෙන් ලංකාවේ බොක්සිංවලට හෙට මොකද වෙන්නෙ කියන දේ ට දෙන පිළිතුර එබඳුය.


“මං ට්‍රේනිං කරපු කණ්ඩායමක් මේකට ආවොත් මේක ඒ රටාවට ඇඳගෙන යයි.මේ වැඩේ කරන්න ජාත්‍යන්තරය එක්ක ගණුදෙනු කරන්න දැණුමක් තියෙන,කැපවීමක් කරන්න පුළුවන්,බොක්සිං සාක්ෂරතාවයත් ඉහළින්ම තියෙන කණ්ඩායමක් හදන්න මං මහන්සි වුණා.ඒ අයට මේක දෙනවද, අපි බොක්සිං ගැහැව්වා,අපි මේ මේ දේවල් කරා අපිටත් පුළුවන් කියලා වෙන පිරිසක් මේක භාර ගන්වද කියන එක අද තීරණය වෙන දවස.මං ඉතිං මොකද වෙන්නෙ කියලා බලා ඉන්නවා.වැඩ කරන පිළිවෙලට,වැඩ සැළසුම් කරන විදිහට ලංකාවේ බොක්සිංවල ඉරණම විසඳෙයි.රින්ග් එකේ දකින බොක්සිංවලට වැඩිය බොක්සිං එතනට ගේන්න කරන්න තියෙන වැඩ ටික බරයි.ඒක පන්ච් එකකට වැඩිය බර වැඩක්” ඩයන් සැහැල්ලුවෙන් පවසන්නේය.

ලෝකයක් ජයගත්ත ව්‍යාපරවලට දිය දැණුම,වෙහෙස කැප කර සැහැල්ලුවෙන් බැස ආ තරමට මේ සැහැල්ලුව සත්‍ය නොවන බව පැහැදිළිය.එහි යම් ව්‍යාජයක් ඇත.ව්‍යාපාර වැටෙන්නට නොදී ගෙන යන්නට වැඩ සැළසුම් කළ ආකාරයට බොක්සිං මෙහෙයවන්නට සැකසූ වැඩ සැළසුම දියාරු වේද යන සැකය ඔහු තුළ පැවතීම වේදනාවක් වනු ඇත.ඒත් රටක් හැටියට අපි වැඩ කරන්නේම පොදු බරපතලකම්වලට වඩා පෞද්ගලික තෘප්තිය මූලික කරගෙනය.පාලකයාම වැරදි රට මේ තත්ත්වයට පත්වීම සඳහා වැරදි නැත්තේ එබැවින්ය.පුරවැසියා සිතන රටාව අසාර්ථක පාලකයාගේ බලය ය.


අපි ඩයන් ඇති කළ බොක්සිං සංස්කෘතියේ හෙට දවස අද තීරණය වන සැටි බලා සිටිමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan