ජයග්‍රහණයේ වියදම ….

Date:

යුද්ධයට ගිය වියදම ඩොලර් බිලියන දෙසීයක් බව කියැවේ.. රටේ සමස්ත ණය බර ඩොලර් බිලියන හතලිස් ගානකි.. යුධ වියදම රටේ සමස්ත ණය බර මෙන් සිව් ගුණයකටත් වැඩිය.. එකල ආටි, මල්ටි බැරල් ප්‍රහාර වල වියදම ගණනය කලේ තත්පරයට මිලියන ගනනිනි..

යුද්ධයක් නොතිබිණි නම් රටේ ආර්ථිකයේ අතිරික්තයක් පැවතීමට ද ඉඩ තිබිණ..

යුද්ධය නිසා රටේ එක කොනක මිනිස් ජීවිත සහ මිනිසුන් ජීවිත කාලයක් පුරාවට හරිහම්බ කරගත් දේ සුන්නද්ධූලි විය..වසර කීපයකට පසුව ඒ විනාශය දකුණ කරා රට බංකොලොත් රාජ්‍යයක් බවට පත්කරමින් රිටන් එක තැපෑලෙන් ආවේය…

සුදු ජාතීන් ඉන්දියාවෙන් යාමට සැරසෙන විට පකිස්තානුවන් ඔවුන්ට වෙනම රටක් ඉල්ලා සිටි බැවින් සුද්දා ඉන්දියාව සහ පකිස්තානය යනුවෙන් රටවල් දෙකක් සාදා වෙනවෙනම නිදහස ප්‍රදානය කලෝය.. ලංකාවේත් එදා සිටම යම් ගැටලුවක් පැවතිය ද ලාංකීය දමිලයන් සුද්දාගෙන් එවන් ඉල්ලීමක් කලේවත් නැත..

දකුණේ අපට උතුරට සාවධානව ඇහුම්කන් දෙමින් මේ ගැටලුව ප්‍රජාතන්ත්‍රවාදී විදියට විසඳගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබුනත් අපට එය මග හැරුනි.. අප දිගින් දිගටම සිටි ඔවුන්ව සතුරන් සේ දුටු වැරදි සහ දෘඩ පිලිවෙත මෙයට හේතුව වන්නට ඇති..

ප්‍රතිපලය ඔවුන් ද අප ද පොදු විනාශයක් කරා ඇදී යාමයි..

ඉතිහාසයේ මහා විනාශයන් අත් විදි ජනතාවක් විදියට අතීතය දෙස හැරී බලා පාඩම් ඉගෙනගෙන මින් මතුවට හෝ සාධනීය ලෙස මේ ගැටලුව විසඳා ගත්තොත් අනාගත පරපුරට හෝ යහපතක් වෙයි..

නැත්නම් අහවල් එක සමර සමරා අප නැත්තටම නැතිවෙන පොදු විනාශයක් කරා ජාතියක් විදියටම අපට යා හැකියි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...