(BREAKING) 100 සහය දිවීමේ පිරිමි කණ්ඩායමට සිවිවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): බැංකොක් හී පැවත්වෙන ආසියානු සහය දිවීමේ තරගාවලියේ පිරිමි 100 සහය දිවීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වුණේ සිව්වන තැනයි.කාන්තා තරගයේදී ද යම් යම් පමාවන් යෂ්ඨි හුවමාරුවේ දකින්නට තිබුණු අතර පිරිමි තරගයේ දී එය ශ්‍රී ලංකාවට මුල් ස්ථාන තුනෙන් එකකට යාමට තිබුණු මඟ අහුරා දැම්මේය.


විශේෂයෙන් දෙවන මීටර් 100 ධාවනය කළ චමෝද් යෝධසිංහ මේ තරගයේ දකින්නට ලැබුණු අලංකාරම මීටර් 100 ධාවනය කළ අතර ඔහු යෂ්ඨිය පළමු වැන්නාට ගෙන දුන්නද,කවිඳු චතුරංගට එය අඛණ්ඩව පෙරට යාමට නොහැකි විය.ඒ යෂ්ඨිය ලබා ගැනීමේ දෝෂය නිසා අවසාන මීටර් 100 සඳහා දෙනෙත් වීරරත්නට යෂ්ඨිව ලැබෙන විට මුල් ස්ථාන තුන ශ්‍රී ලංකාවට අහිමි වී තිබිණ.
ආරම්භක මීටර් 100 ධාවනයේ යෙදුණේ හෂාන් ගම්ලත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...