අප්‍රේල් අවසන් වෙද්දී වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180 ක හිඟයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180ක තොග අවසන්ව තිබූ අතර රෝහල් පද්ධතිය තුළ ඖෂධ වර්ග 50ක තොග අවසන්ව තිබූ බවත් මේ වනවිට එම තත්වය වඩාත් උඝ්රව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

“පහුගිය දවස්වල ඉන්සියුලින් තිබුණෙ නෑ රට ඇතුළෙ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියපු දේ තමයි ඔවුන් තොග ගෙනල්ලා මේ ප්‍රශ්නය විසඳනවා කියලා. තාවකාලිකව විසඳුණා. නමුත් දැන් ආයෙ මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් තාමත් කරන්නෙ පැලැස්තර විසඳුම් දාන එක නම්, අපි දිගටම කිව්ව දේ, මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. ඖෂධ ගණනාවක් තියෙනවා සැපයුම්කරුවන් සීමිතයි, එක්කෝ සැපයුම්කරුවන් නෑ. ඉන්න සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කරන්නෙ නෑ, එතකොට ඒ ඖෂධය මිලදී ගැනීම ගැටලුවක් වෙනවා. ඒ ප්‍රශ්න තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිහන්න පහුගිය දවස්වල උත්සාහ කරමින් ඉන්නේ. අනිත් පැත්තෙන් අපි කිව්ව දෙයක් තමයි මේ රට තුළ තියෙන ඖෂධ තොග බෙදාහැරීමේ සහ කළමනාකරණය කිරීමේ බරපතළ ගැටලුවක් තියෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වඩා පල්ලෙහා මට්ටමෙන් වෛද්‍ය සැපයුම් අංශයේ සිට රෝහල් මට්ටම දක්වා මීට වගකිවයුතු නිලධාරීන් ඉන්නවා. එකම ඖෂධයක් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුර තියෙන්නයි තව රෝහලක ඒ ඖෂධය සම්පූර්ණයෙන්ම තොග හිඟ වෙන්නයි විදියක් නෑ. අමාත්‍යවරයා ඉහළින් තීන්දු තීරණ ගත්තාට පල්ලෙහා මට්ටමේදී ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවා.

පහුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180 කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණෙ නෑ. රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණෙ නෑ. මේ වනවිට ඒ තත්වය වඩා උඝ්ර අතට හැරෙමින් තියෙන්නෙ. ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, ඒ වගේම ඉන්සියුලින් ඖෂධය සම්බන්ධ ගැටලුවක් තිබෙනවා. හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි රෝගවලට ලබාදෙන ඖෂධ, ඒ වගේම ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳ ගැටලු සමස්තයක් වශයෙන් රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙනුත් අපි දකිනවා”

වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව පැවසුවේ ඊයේ (මැයි 20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...