මහින්දගේ ප්‍රකාශයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කටඋත්තර නැතිවෙලා ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පසුගිය මැයි 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවලා තිබුණා. ඒ, එයාර්බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා එදා කාර්යාලයට ඇවිත් තිබුණේ නැහැ. ඒ අනුව මහින්දගෙන් ප්‍රකාශයක් ලබාගැනීම ගැන උපදෙස් දුරකථන මාර්ගයෙන් තමයි අදාළ නිලධාරීන් ලබාගෙන තියෙන්නේ.

කොහොමහරි මහින්ද අල්ලස් කොමිසමේ කාර්යාලයට ඇවිත් ඒ නිලධාරීන්ගෙන් අහලා “ඇයි මට එන්න කිව්වේ ?” කියලා.

එතැනදී ඒ නිලධාරීන් කිව්වා ලු “සර්, අර එයාර්බස් කේස් එකට අදාළව කපිල චන්ද්‍රසේන දීපු ප්‍රකාශයේදී එයා කියලා තියෙනවා එයා තමන්ට ලැබුණු සල්ලිවලින් සර්ට රුපියල් මිලියන 60ක් දුන්නා කියලා. ඒ ගැන ප්‍රකාශයක් ගන්න තමයි සර්ට එන්නේ කිව්වේ” කියලා.

එතැනි එහාට මේ වගේ කතාබහක් වුණා කියලායි ආරංචිමාර්ග කියන්නේ ….

“කොහෙදිද මට ඔය සල්ලි දුන්නා කියන්නේ ?”

“සර්ගෙ ගෙදරදී දුන්නා කියලා තමයි කියලා තියෙන්නෙ සර්”

“මගේ කොහේ ගෙදරදීද ?”

“සර්ගෙ හම්බන්තොට ගෙදරදී”

“හම්බන්තොට කොහෙද මට ගෙයක් තියෙන්නේ ?”

“සර්ගෙ හම්බන්තොට ගෙදරදී සල්ලි දුන්නා කියලා තමයි සර් එයා ඒකෙ කියලා තියෙන්නෙ”

“ඉතින් මට හම්බන්තොට ගෙයක් නෑනෙ … එතකොට මේ නැති ගෙදරකදීද මට සල්ලි දීලා තියෙනවා කියන්නෙ ?”

අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ ප්‍රශ්නයට නිහඬව ඉඳලා. ඊටපස්සෙ මහින්ද සුපුරුදු උපහාසත්මක විදියට කිව්වා ලු

“එහෙනම් ඕගොල්ලෝ ඉස්සරවෙලාම හම්බන්තොට මට තියෙන ගෙදර හොයලා දෙන්නකෝ ….” කියලා.

ඔන්න ඔය විදියට නිලධාරීන් අමාරුවේ වැටෙමින් කතාව ඉස්සරහට යන අතරේ අල්ලස් කොමිසමේ කාර්යාලය වටේ සෙනඟ එකතුවෙන එකත් එන්න එන්නම වැඩිවෙච්ච නිසා ඉක්මනින්ම ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් වුණා කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ’ වෙනුවට ‘නීතීඥ මහින්ද රාජපක්ෂ’ මෙතනදී ඉස්සරහට ආපු නිසා වැඩේ මෙහෙම වුණා කියලා තමයි පේන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...