නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:ඩ්රෝන තාක්ෂණය යොදා ගනිමින් වගාවන් සඳහා බීජ ඉසීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්රික්කය තුළ බීජ හා පොහොර ඉසීමේ වැඩසටහනක් මිනිපේ හසලකදී ඊයේ (20) ආරම්භ විය.
යල කන්නයේ අතරමැදි වගාවක් වශයෙන් ආරම්භ කරන ලද මුං වගාවක් සඳහා බීජ හා පොහොර ඉසීම මෙහිදී සිදුවූ අතර නියමු ව්යාපෘතියක් වශයෙන් අක්කර භාගයක වගාවක් මෙහිදී ආරම්භ කෙරිණි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම, ක්ෂේත්ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මෙහෙයවීම මත හසලක අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ක්රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ නව තාක්ෂණය පිළිබඳව ගොවියන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුවිය.
කෘෂිකාර්මික නවීකරණය සමඟ ගොවියන්ගේ වගා කටයුතු පහසු කිරීම සහ වියදම අවම කිරීම සඳහා මෙම තාක්ෂණය නිරිදේශ කර ඇතැයි මහඉලුප්පල්ලම, ක්ෂේත්ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය ස්වර්ණා හේරත් මහත්මිය සඳහා කළාය.
විශාල ප්රමාණයෙන් වගා කටයුතු කරන විට ගොවියන්ට වඩාත් පහසුවෙන් වගාවන් නිසි පරිදි කළමණාකරණය කොට ඵලදායි වගාවකට හිමිකම් කිය හැකි යැයි ද සහකාර අධ්යක්ෂවරිය සඳහන් කළාය.
නියමු ව්යාපෘතියක් වන අක්කර භාගයක මුං වගාවේ ඩ්රෝනය මගින් බීජ වැපිරීම සඳහා මිනිත්තු පහක් වැනි කාලයක් මෙහිදී ගත විය.
වැඩසටහන හදුන්වා දීමේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනී මහත්මිය, හසලක අන්තර් පළාත් නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ ඒ.එම්.ඒ.එස්.බණ්ඩාර මහතා ඇතුලු කෘෂිකර්ම නිලධාරීන් ද ගොවියන් හා ගොවි සංවිධාන නියෝජිතයන් ද සහභාගීවූහ.





