සටහන – රුවන් නෙළුගොල්ල
වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක් තුළ ඉතිරි කරන ලද දැවැන්ත මුදල් සම්භාරය මේ වනවිට ජනතාවගේ සුවපහසුව සඳහා යොදවමින් සිටින බවත් ඒ නිසා ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලාල් ප්රේමනාත් මහතා පවසයි.
“මේ රටේ ඉතිහාසයේ ජනතාව වෙත එවන්න පුළුවන් උපරිම මුදල් ප්රමාණය මේ ඉතුරු කරන ලද දැවැන්ත මුදල් සම්භාරයෙන් ජනතාවගේ සුව පහසුව සඳහා වෙච්ච කටයුතු කරමින් ඉන්නවා. අධ්යාපනයටද, සෞඛ්යටද, දිළිඳුකම පිටුදැකීම සඳහා ඇතුළු අනෙකුත් සියලුම දේ සඳහා වෙන්කරමින් ඉන්නවා. ඒ නිසා ජනතාව අපිත් එක්ක ඉන්නවා. ජනතාව අතරට යන්න අපිට එහෙම ගැටලුවක්, ප්රශ්නයක් ඇතිවෙලා නැහැ”
ලාල් ප්රේමනාත් මන්ත්රීවරයා මේ බව පැවසුවේ පසුගියදා අලපලාදෙනිය ප්රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


