කොළඹ LNW: ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහාම ක්රියාත්මක වන පරිදි අනුප්රාප්තික IMF වැඩපිළිවෙළක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදු කරමින් පැවසිය.
පවතින IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වන නිසා රටට ලැබෙන විස්තීරණ ණය පහසුකම් ඉවත් වන අතර බිලියන 14.2 ගැනීමේ අවස්ථාව වන්නේ 0.01%ක් බැවින් අවසන් මොහොතේ රට අමාරුවේ වැටීමෙන් අනතුරුව IMF ගිවිසුමකට යෑමට වඩා දැන්ම සිට IMF අනුප්රාප්තික වැඩසටහනක් කරා යන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
2027 සිට පොළියට අමතරව ණය ගෙවීමටත් ණය කන්දකට පිවිසීමකට සිදුවන හෙයින් නව ගිවිසුමක් කරා යා යුතු බවත් ඇ.ඩොලර් බි. 14.2ක් තිබිය යුතු වුවත් බි.7ක් ඇති නමුත් භාවිත කළ හැක්කේ බි. 7ට වඩා අඩු ප්රමාණයක් බවත් දැනට මාසෙකට මිලියන 600 බැගින් එකතු කළ යුතු වුවත් මාසෙකට මිලියන 60ක් පමණක් සොයන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අද වන විට 92 පෙට්රල් 39%කින් වැඩි වී ඇති බවත් 2022 පෙට්රල් 470ක් වන විට අද 410ක් බවත් අප රට බරපතළ ගැටලුවකට මුහුණ දී බවත් 9.2%කින් රුපියල අවප්රමාණ වීම සංචාරක ආදායම 17% අඩුවීමත් විදේශ ප්රේෂණ බිලියන 8 ඉක්මවුවත් මින් 60%ක් මැදපෙරදිග රටවලින් එන බවත් යුද්ධය නිසා විරැකියාව වැඩි විය හැකි බවත් හෙතෙම ප්රකාශ කරන ලදී.
2027 ණය කන්දක් නිර්මාණය වන විට එයට මුහුණ දෙන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් IMF ප්රතිපාදන හා අධීක්ෂණ අහිමිව ණය සේවාකරණ චක්රයකට ඇතුලත් වන බවත් 2027 සිට වාර්ෂිකව පොලියට අමතරව ප්රාග්ධනය බි 3-4 ගෙවිය යුතු බවත් මේ රජය රට මර උගුලකට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ කාලය දීර්ඝ කර ගන්න සේම ලක්ෂ 220 ජනතාවට ආරක්ෂාව දී නව ගිවිසුම ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡාවට යා හැකි බවත් ආර්ථික අර්බුදයක් නැති බව රජය කිව්වත් ඊයේ ඩොලරය 346ත් අද 354ක් වී ඇති බවයි ප්රේමදාස මහතා පැවසුවේ.
මේ රටේ ජනතාව නැවත පෝලිම්වල සිටීමට විපක්ෂය කැමැත්තක් නොදක්වන අතර ඖෂධ හිඟය,පොහොර හිඟයද අපේක්ෂා නොකරන හෙයින් සැබෑ තත්ත්වය තේරුම් ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
මේ වන වි ඉන්ධන මිල වැඩිවන නිසා සංචිත ඒ සදහා යොදා ගැනීමට සිදුවන බවත් මේ නිසා ඩොලර් හිඟයක් ඇති වන බවත් ආනයන ආවරණය මාස තුනකට වඩා අඩුවන නිසා මහා ඛේදවාචකයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වසරෙ ජනවාරි සිට මැයි දක්වා තෙල් මිල 39%කින් වැඩි වන විට 2022 මාර්තු ජුනි 44%කින් ද වැඩි වු බවත් තෙල් මිල 25%කින් ඉහළ යන විට ගෙවුම් ශේෂ ගැටලුවක් ඇති වන බවට ආර්ථික විද්යාඥයින් අනතුරු අගවන බවත් මේ අවස්ථාවේ ජනතාවට ඇත්ත කිව යුතු බවත් තෙල් බැරලයන් ඩොලර් 60-70 වුවහොත් අනතුරු අඩුවන නමුත් මේ වන විට110ට වඩා වැඩි නිසා විශාල අනතුරක් සංචිතවලට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අතර NDB බැංකුවේ රු. බි. 13.2 වංචාව, ණය ගෙවීමට ගොස් ඩොලර් ලක්ෂ විසිපහක් නැති වීම, අස්වැසුම දෙපාරක් වැරදීම, තැපැලේ ගෙවීමක් නැති වීම, මහජන බැංකුවේ ගැටලු ආදී ප්රශ්න රැසක්, වංචා රැසක් ඇති බවත් මේ නිසා රේටින්වලින් අප රට පහත වැටෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.


