ලොක්කාගෙන් අපට මොකුත්ම නෑ වගේ – පරණ අලි කළකිරීමෙන්

Date:

අලි පාටියේ සීනියර් කට්ටිය කීපදෙනෙක්ම මේ දවස්වල ඉන්නේ සෑහෙන කළකිරීමෙන් කියලා ආරංචියි. ඒ, අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ බලාන හිටියත් ලොක්කාගෙන් මොකුත්ම තනතුරක් නොලැබුණු නිසා ලු.

පාටියේ ලියන මහත්තයා ඇතුළු කීපදෙනෙක්ම ආණ්ඩුකාර තනතුරු බලාපොරොත්තුවෙන් හිටපු බව රහසක් නෙවෙයි. ඒත් ගිය සතියේ ආණ්ඩුකාරවරුන් තුන් දෙනෙක් පත්කෙරුණත් එයින් එක තනතුරක්වත් අලි පාටියේ කාටවත් ලැබුණේ නෑ.

ලොක්කාගේ සීට් එකෙන් දියවන්නාවට ගිය කෙනාත් ඇමතිකමක් ලැබෙයි ලැබෙයි කියලා තවම අර මොකක්ද එක වැටෙනකල් බලාගෙන ඉන්නවා, ඉන්නවා, ඉන්නවා …. එච්චරම තමයි.

ආණ්ඩුවේ තනතුරු කෙසේවෙතත් පාටියේ හරි ලොකු තනතුරක් බලාපොරොත්තුවෙන් හිටපු කීපදෙනෙකුත් මේ වෙනකොට අදහස අතෑරගෙන ඉන්නවා කියලාත් ආරංචි වුණා. “ලොක්කා දැන් නිර්පාක්ෂික වෙලා නිසා මුළු පාටියටම දේශපාලනය අතාරින්න වෙන සයිස් එකක් තියෙන්නේ” කියලාත් ඔය කීපදෙනෙක් පහුගිය දවසක කතා වුණා ලු.

කළකිරුණා කියලාත් ඉතින් කරන්න දේකුත් නැති නිසාත්, ලොක්කාගෙ බාලගිරි වැඩ ගැන හොඳටම දන්න නිසාත් අනේ ඉතින් ලබන සතියේවත් මොකක් හරි ලැබෙයි කියලා එතුමන්ලා සතිය ගාණෙ හිත හදාගනිමින් ඉන්නවා කියලාත් ආරංචි වුණා ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...