*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

වසන්ත මුදලිගේ ආරක්ෂිතද ?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ ලාංකීය දේශපාලනයේ ගිනි සිළුව කියලා කිව්වට කමක් නෑ.විප්ලවීය දේශපාලනයේ ලාංකීය සන්නාමයක් තමයි අන්තරේ කියලා කියන්නේ. 88/89 සන්නද්ධ අරගලයේ දැවැන්ත කාර්යභාරයකුත් අන්තරෙන් ආපු සඟයන් විසින් කළා.මෑතකාලින දේශපාලනය ගත්තත් අන්තරේ කියන්නේ සටන්කාමීත්වයට කියන තවත් නමක්. පහුගිය ගෝල්ෆේස් අරගලයේ දැවැන්තම කාර්යභාරය කළේ අන්තරය කියලා පිලි නොගන්න කෙනෙක් නෑ.ගෝල්ෆේස් අරගලයේ පෙරමුණේ සටන්කරුවා උනේ අන්තරය.අන්තරේ කියලා කියනකොට ඊළගට කියවෙන්නේ වසන්ත මුදලිගේ කියන නම.

පහුගිය 14 වෙනිදා වසන්ත මුදලිගේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සියලු වගකීම්වලින් ඉල්ලා අස්වුන බවට මාධ්‍ය වාර්තා පල වෙලා තිබුණ.සමහරවිට අන්තරේට අලුත් කැදවුම්කරුවෙක් දැනටමත් නිල වශයෙන් පත්කරලා ඇති.එයත් අනිවාර්ය සටන්කාමියෙක් වෙයි.එහෙම නොවෙනවා නම් ඒක අන්තරේ නෙවෙයි.හැබැයි අද රටේ රාළ කතා කරන්නේ අන්තරේ ගැන නෙවෙයි. තනිකරම වසන්ත මුදලිගේ ගැන.ඒ වසන්ත මුදලිගේ මේ මොහොතේ රටේ මාතෘකාවක් හින්දා නෙවෙයි. වසන්ත ආපු ගමන දිහා ආපහු හැරිලා බලන්න කියන බලකිරීම වසන්තට කරන්න ඕනි හින්දයි.රටේ රාළට අනුව වසන්ත කියන්නේ දක්ෂ විදි සටන්කරුවෙක්.විදි සටනේදි වසන්තගේ නායකත්වය කියන්නේ ආශ්වාදජනක එකක්.මෑතකාලිනව විදියේ ඇවිළුණ දේශපාලන සටන්වලින් වසන්ත අභිබවා යන්න පුළුවන් සටන්කරුවෙක් හිටියේ නෑ. සජිත්ලා,අනුරලා,වසන්ත සමරසිංහලා,ස්ටාලින්ලා තවත් වෘත්තීය සමිති නායකයින් හැටහූට හමාරක් විදියේ සටන් කළා.

ඒත් වසන්තට තිබුණ විදි සටන් පෞරුෂය ඒ කාටවත් තිබුණේ නෑ.ඒ සියලු දෙනාම දුවන්න නං දක්ෂයෝ. කැලණිය විශ්ව විද්‍යාලයෙන් කිරිබත්ගොඩ නගරයට යන්න පටන් ගත්ත ඒකාබද්ධ පාගමනට කදුළු ගෑස් ගැහුවා.ඒ වෙලාවේ ස්ටාලින් දුවපු දිවිල්ලට ස්ටාලින්ලට වෙනම සම්මානයක් දෙන්න ඕනි. වසන්ත කියන්නේ සටනේ පෙරමුණේ රාල කෙනෙක්.සමහර දේශපාලන නායකයෝ පවා පීඩනය දරාගන්න බැරි වෙනකොට සියල්ල දමලා ගහලා දුවපු හැටි අපි දැක්කා. සමහරු එක කඳුළු ගෑස් පාරට අනුන්ගේ ගෙවල්වල දොරවල් කඩාගෙන දිව්වා.ඒත් වසන්ත දරාගන්න බැරි පීඩනය දරාගෙන හැම වෙලේම සගයන්ට වඩා ඉදිරියෙන් හිටියා.සටන දිනුවද, පැරදුනාද කියන එක වෙනම ප්‍රශ්නයක්.හැබැයි බලවේගය ඕනිම වෙලාවක සටනට කැදවගෙන එන්න පුළුවන් විදිහේ ජීව ගුණයක් වසන්ත ළග තිබුණා.සඟයින්ගේ මොරාල් අප් කරන්න පුළුවන් කටක් වසන්තට තිබුණා.වසන්ත කියන්නේ හොඳ Commander කෙනෙක්.

වසන්ත අවස්ථා කීපයකදී අත්තඩංගුවට පත්වුනා. රැඳවුම් නියෝග මත රඳවා ගත්තා.ඒ හැම කට්ටක්ම කාලා ඇවිත් වසන්ත ආයෙත් සුපුරුදු සටන් බීමට ඇවිදගෙන ගියා.රටේ රළ වසන්තගේ පසු නොබසින සටන්කාමීත්වයට ගරු කරනවා. ඒත් රටේ රාළට පෞද්ගලිකව වසන්තට වගේම වසන්තගේ දේශපාලනයටත්,වසන්තගේ දේශපාලන නායකයින්ටත් විවේචනයක් තියනවා.වසන්තගේ දේශපාලනය උනේ පොරටුගාමීන්ගේ දේශපාලනය. ඇත්තටම ඒක කවදාවත් මහ පොලොවේ පැල කරන්න පුළුවන් දේශපාලනයක් නෙවෙයි.විදි සටන කියන්නේ සාර්ථක අරගල මාදිලියක් තමයි.බලය ලබාගැනීම වෙනුවෙන් වීදි සටන පාව්ච්චි කරන්න පුළුවන්.විදි සටන කියන්නේ හෙටත් වලංගු සටනක්. හැබැයි විදි සටන කියන්නේ අපට තියන එකම සටන නෙවෙයි. ඊළගට හැම වෙලේම හැම තැනටම විදි සටන ආදේශ කරන්න බෑ. රටේ රාළ කියන්නේ වසන්තට තිබුණේ නැත්තේ ඒ විඥනය කියලයි.

පෙරටුගාමින් කියන මහ පාරේ ආණ්ඩුවක් වෙනුවෙන් වසන්තලා අතිශොක්තියෙන් විදි සටන භාවිතා කළා.මහ පාරේ ආණ්ඩුවක් නම් ඒක කරන්න වෙන්නෙත් විදි සටනකින් වෙන්න ඇති.හැබැයි එතනින් එහාට ඒ ගැන න්‍යායික පැහැදිලි කිරීමක් පෙරටුගාමීන්ට තිබුණේ නෑ.ඊළගට ඒක ප්‍රායෝගිකත් නෑ.ඒක නිකං රොමැන්ටික් සිතුවිල්ලක් විතරයි. එදා ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ උන අය අද සීසීකඩ විසිරිලා.එක එක්කෙනා එක එක දේශපාලන වේදිකාවල ඉන්නවා. ගොඩ දෙනෙක් සාම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ හුරතල්ලු වෙලා.ගෝල්ෆේස් අරගලය ඇතුලේ වසන්ත මුදලිගේට තරම් ලොකු ඔෆර් එකක් කාටවත් ආවේ නෑ. වසන්තට ඇවිත් තිබුණ සමහර ඔෆර් අදහාගන්නත් බැරි තරම් ලොකු ඒවා කියලා පස්සේ ආරංච්චි වුනා. සමහර දේශපාලනඥයින් අදත් වසන්ත පස්සෙන් එනවා. කොහොම උනත් රටේ රාළට හිතන්නේ එච්චර වටිනාකමක් තිබුණ වසන්ත දැන් දේශපාලන වශයෙන් අනාරක්ෂිතයි කියලයි.

ඇත්තටම මේ කතාව රටේ රාළට කියන්න හිතුනෙත් ඒ හින්දමයි. රටේ රාළ කියන්නේ දැන් වසන්ත කියන්නේ දේශපාලනයේ කැච් එකකටත් වැඩිය හතුරාගෙත් ටාගට් එකක් කියලයි. වසන්ත කරපු සටනේ හැටියට වසන්තට හතුරෝ නැති තැනක් නැතිව ඇති.ඒ තරම් වසන්ත පෙරටුගාමින් වෙනුවෙන් දැන හෝ නොදැන පාවිච්චි වුනා.දැන් වසන්තට විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලේ ආරක්ෂාව නෑ.වසන්තට විශ්ව විද්‍යාල භූමිය තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා තහනම් බිමක් වෙන එක නවත්තන්න බෑ. ඒ විශ්ව විද්‍යාල පාලන අධිකාරියෙන් විතරක් නෙවෙයි පෙරටුගාමි විරෝධී ශිෂ්‍ය කණ්ඩායම්වලිනුත් ඒක වෙනවා. විශේෂයෙන් ජවිපෙ බලය තියන විශ්ව විද්‍යාලවල. අද අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ සීසිකඩ විසිරුණ සංවිධානයක්.අද විශ්ව විද්‍යාල මට්ටමින් විතරක් නෙවෙයි පීඨ මට්ටමින් පවා අන්තරය බෙදිලා. ඇත්තටම එක පැත්තකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩා වට්ටන්න පාලකයින් වගේම අන්තරෙත් වගකියන්න ඕනි.

අනිත් පැත්තෙන් විශ්ව විද්‍යාල ඇතුලේ තිබුණ මතවාදී දේශපාලන අරගලය වෙනුවට ප්‍රචන්ඩත්වය ගේන්න වසන්තලත් සම්මාදම් වුනා. අද ශිෂ්‍ය දේශපාලනය කියන්නේ කඩු, කිනිසි, පොලු, මුගුරු ගත්ත හිරිකිත දේශපාලනයක්. අද විශ්ව විද්‍යාල කියන්නේ පෙරටුගාමින්ගේ සහ ජවිපෙ වධකාගාර.මේ පාර අන්තරේ කැදවුම්කරු තේරීමේ නිලවරණය අන්ත දුෂිත එකක් කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. පෙරටුගාමින්ට එකඟ නැති විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම්වලට නිලවරණය තහනම් කරලා. රනිල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විශ්ව විද්‍යාල ඇතුලේ තත්වය ඕකයි.මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න පාලකයන් විතරක් නෙවෙයි වසන්තලත්,වසන්තලාගේ දැන් ඉන්න නායකයන් වගේම හිටපු නායකයනුත් දායක වෙලා තියනවා. වසන්තලා එක්ක හිටපු සඟයන් අතර ගැටුම් ඇතිවෙලා.එදා වසන්ත එක්ක එකට සටනේ හිටපු අය පාවාදෙන්නන් විදිහට දැන් ලේබල් කරලා. කොහොම උනත් අරගලය ඇතුලේ පවාදීම් සිද්ධ වුනා වගේම හෙටත් පාවාදීම් සිද්ධ වෙනවා.

ඒ වගේම දේශපාලන අරගල ඇතුලේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්නේ නැත්තං,ඔත්තු සේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තං ඒවා දේශපාලන අරගල වෙන්න බෑ.මේ හැම දෙයකින්ම තහවුරු වෙන්නේ වසන්තගේ අනාරක්ෂිතයි කියලයි. ආරක්ෂක හමුදා නිරන්තරයෙන්ම වසන්ත ගැන ඇහැගහගෙන ඉන්නවා.ඒ වගේම මැර දේශපාලන කල්ලිවලත් ගොදුරක් බවට වසන්ත පත්වෙන්න පුළුවන්.මේ තත්වයත් එක්ක වසන්තට ඇත්ත ජීවිත අවදානමක් තියනවා.ඒ ජීවිත අවධානමෙන් කොච්චර දුරට වසන්තට රැකවරණය දෙන්න පෙරටුගාමින්ට පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා.ඊළගට තව ප්‍රශ්නක් මෙතන තියනවා වසන්ත අන්තරෙන් ඉවත් වෙන්නේ පෙරටුගාමින්ගේ එකඟතාවයෙන්ද, නැද්ද කියන එක තවමත් නිරවුල් නෑ.කොහොම උනත් වසන්ත සහ පෙරටුගාමින් අතර මත ගැටුමක් නිර්මාණය උන බවට තොරතුරු තියනවා.සමහරවිට වසන්තට පෙරටුගාමින් පොඩි වැඩිවෙලා පෙරටුගාමින්ට වසන්ත ලොකු වැඩි වෙලා තියෙන්න පුළුවන්.

වසන්ත පෙරටුගාමින් එක්ක ප්‍රශ්නයක් හදාගෙන නං වසන්තට වැඩිපුරම පරිස්සම් වෙන්න වෙන්නේ පෙරටුගාමින්ගෙන්. ඇත්තටම ඒක ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ඇතුලේ තියන කාලකණ්ණිකමක්. ඒ රෝගය ජවිපෙට සහ පෙරටුගාමින්ට තියනවා. කොහොම උනත් වසන්තට තවදුරටත් දේශපාලනයේ පවතින්න ලොකු ආයාසයක් දරන්න ඕනි. ගොඩක් විප්ලවවාදීන් ඔය ප්‍රශ්නයට මුහුණ දුන්නා. අන්තිමට එයාලට සිද්ධ උනේ තමන්ගේ හතුරු කදවුරේම පිහිට පතාගෙන යන්න. වසන්තට එහෙම නොවේවා කියලා රටේ රාළ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දමිතා විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට අත්කරලා දුන්න පන්නයේ අද්දැකීමක් වසන්ත විසින් අරගලකරුවන්ට ලබා නොදෙයි කියලත් රටේ රාළ විශ්වාස කරනවා.බලමු.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan