පී. එස්. එම්. චාල්ස් මහත්මිය පසුගිය සතියේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වශයෙන් යළි දිවුරුම් දුන්නා. ඒත් සමගම ඇයට එරෙහිව උතුරේ ජනතාව විරෝධතා දක්වලාත් තිබුණා. ඒ විරෝධතාවයේ නියැළුණු ජනතාව පෙන්වා දී තිබුණේ චාල්ස් මහත්මිය මීට පෙරත් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වශයෙන් කටයුතු කළත් ඇය ඒ ප්‍රදේශයේ ජනතාවට කිසිදු සේවයක් නොකළ බවයි. ඊට අමතරව ඇය දූෂිත ක්‍රියාවල නියැළෙමින් අයථා වත්කම් උපයා ඇති බවටත් ඔවුන් චෝදනා කර තිබුණා.
කෙසේවෙතත් මේ කතාව ඒ ගැන නෙවෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක් වුණු චාල්ස් මහත්මියට ආණ්ඩුකාර තනතුරක් ලැබීම ගැනයි. පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල්දැමීමට කටයුතු කරපු මැතිවරණ කොමිසමේ 4 දෙනාගෙන් චාල්ස් මහත්මියත් එක්කෙනෙක්. ඊට අමතරව ඒ මැතිවරණය පැවැත්වීම නොකෙරෙන තැනට ආණ්ඩුව වැඩකරමින් සිටියදී චාල්ස් මහත්මියත් ඊටම ගැලපෙන විදියට තමන්ට මරණීය තර්ජන එල්ල වෙලාය, ඒ නිසා තමන්ට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑය කියමින් අමුතුම රංගනයක නිරත වුණු හැටිත් අපට මතකයි.
ඒ කතන්දර ඔක්කොම ඉවර වෙලා මාසයක් යන්න කලින් ඇයට රජයෙන් පළාත් ආණ්ඩුකාරකමක් ලබාදීම වගේම ඇයත් ඒ තනතුර භාරගැනීමත් එක වගේම සදාචාරාත්මව අතිශයින් ප්‍රශ්නකාරීයි.
ඒත් ඉතින් ධනය, බලය, වරදාන, වරප්‍රසාද ඉස්සරහා සදාචාරය වගේ එකක් කන්නද කියලා හිතන මිනිස්සුගෙන් අපේ රටට අඩුවකුත් නැහැනේ.
අනෙක් අතට චාල්ස් මහත්මියට ඔයිට කලින් වතාවේ ආණ්ඩුකාරකම ලැබුණේත්, එයින් පසුව මැතිවරණ කොමිසමට පත්වීම ලැබුණේත් “කපුටු කාක් කාක් කාක්” පිහිටෙන් කියලාත් කතාවක් යනවා. මේ වතාවේ වුණෙත් ඒකමද අපි දන්නෙත් නෑ …
~ දර්ශන වීරසිංහ
RN