ඩෙංගු ජානාධිපති කාර්ය සාධන බලකාය මාධ්‍ය ප්‍රකාශයක් විතරද?

Date:

මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,745 කි.

එයින් රෝගීන් 6,709ක් පෙබරවාරි මාසයේදීද,  රෝගීන් 6,419ක් මාර්තු මාසයේද, හඳුනාගෙන ඇති අතර රෝගීන් 7,617 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ අප්‍රේල් මාසයේදීය.

ඒ අනූව රෝග ප්‍රවනතාවය වැඩිවෙමින් පවතින අතර, මර්ධන වැඩසටහනේ ප්‍රතිඵලදායක බව සහ කාර්යක්ෂම බව පිළිබදව පැහැදිළි ප්‍රශ්ණාර්තයක් මතු වී ඇත.

කෙසේ නමුත්, මෙම වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදී වන අතර, එලෙස හඳුනා ගැනුණු රෝගීන් ප්‍රමාණය 8,963 ක් වන නමුත් එම කාලය තුල විශාල ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති තත්වයක් හමුවේ නැතත වැඩිවන සීඝ්‍රතාවයකින් රෝගය පැතිරීම පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු විය යුතුය.

තවද, මෙරට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් තවදුරටත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, මෙම වසරේ ගතවූ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,035 ක් වනවා.

ඒ අනූව, දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඩෙංගු ව්‍යාප්ත අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි ඉතා පැහැදිළිය.

ඩෙංගු රෝගයෙහි වර්ධනීය තත්වය පිළිබඳව සැලකිල්ලටගෙන, මර්ධනය සඳහා ජනාධිපති කාර්‍යසාධන බලකායක් ඇරඹීමට ජනධිපතිරයා නියෝග කලද, මේ වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සඳහා කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නැත.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...