රුසියාවේ චණ්ඩිකම්වලට බය නැති ක්‍රීඩාව

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): රුසියාව යුක්රේන යුද්ධයට පෙර සිටම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කොන් කර දමා ඇත.ඒ තහනම් උත්තේජන චෝදනාවන් හේතුවෙන්ය. රුසියානු තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (RUSADA) විසින් කරන ලද පරික්ෂාවන්හී සැක සහිත බව තහවුරු කරමින් එහි ප්‍රධානියාව සිටි ග්‍රිගරි රොඩ්චෙන්කොව් හෙඵිකඵ කරුණු නිසාය.

මෙම හෙළිදරව් කිරීමෙන් පසුව රොඩ්චෙන්කොව් 2015 දී ඇමෙරිකාවට පළා ගිය අතර ඔහු අප්‍රසිද්ධියේ තවමත් සැඟවී සිටියි.මේ සිඳුවීමට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්තරය විසින් ස්වාධීන පරික්ෂණයකට යොමු කර ගැනීමට ගත් උත්සාහය රුසියාව ප්‍රකික්ෂේප කළ අතර ඒ සඳහා පුටින්ගේ දේශපාලන බලපෑම් ද එල්ල වූ බව දැඩි කතාබහට ලක් විය.නමුත් ක්‍රීඩාවේ සුවිශේෂීත්වය යනු සැමට සම අවස්ථා තුළ හැකියාව පෙන්වීමට ලැබෙන ඉඩ හරහා දක්ෂයා තෝරා ගැනීම නිසා ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් ප්‍රධානීන් රටක් ආරථික,යුද,දේශපාලනික ශක්තීන් ප්‍රමුඛ කර වෙනස් අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට උථ්සාහ කළ ද එහි පලක් නැත.


කොසේ රුසියානු තහනම් උථ්තේජක ඒජන්සිය යළි 2018 ස්ථාපිත කර ඉකුත් දෙසැම්බර් අවසන් වන විට යළි සක්‍රීය වීමට අවස්ථාවක් දුන්න ද රුසියානු වාර්තාවල තිබෙන දත්ත වෙනස් කර ඇති බව සහතික වීමත් සමඟ තහනම නැවත ක්‍රීයාත්මකව ඇත.
මේ තත්ත්වය නිසා WADA විසින් පනවන ලද සම්බාධක යටතේ රුසියානු නම, ධජය සහ ගීය ලෝක ශූරතාවලිය සහ ඔලිම්පික් ඉසව්වලින් තහනම් කරන ලද අතර එවැනි තරඟ පැවැත්වීම සඳහා ලංසු තැබීම තහනම් කර ඇත.
රුසියානු නීති අංශ ද දේශපාලනිකව නිහඩ කරමින් රුසියාව පෙන්වන දඩබ්බර ආඩම්බරකම ඉදරියේ ජාක්‍යන්තර ක්‍රීඩා ලෝකය නොසැලී එරට ඔලිමිපික් කමිටුවට ක්‍රීඩාව පවත්වාගෙන යාමේ බලය පවරා ඇති අතර එරට ක්‍රීඩා අමාත්‍යවරයා ලෝකය පිළි නොගන්නා පුද්ගලයෙක් බවට පත්ව ඇත.පුටින් යුක්රේන ආක්‍රමණයටත් පෙර තමන්ගේ බලවත්කමෙන් ක්‍රීඩා ලෝකය තමන්ට රිසි අයුරෙන් පවත්වාගෙන යන්නට ගත් උත්සාහය පලදායී නොවුණු අතර එරට ධජය යටතේ ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටීම පවා ඒ උද්ධච්ඡකම විසින් එරට පුරුවැසියන්ට අහිමි කර ඇත.
ඡයාරූපයේ දැක්වෙන්නේ රුසියාවේ නිරුවත ලොවට හෙළිදරව් කළ රුසියානු තහනම් උත්තේජක විරෝධි එ්ජන්සියේ ප්‍රධානියාව සිටි ග්‍රීගර් රොඩ්චෙන්කොව් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...