ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් මෙරට සංචාරයේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW): ශ්‍රීලංකන් ගුවන් සේවය විසින්, ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළ අතර, දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් මුම්බායි සහ දිල්ලි හි සිට දිවයිනට පැමිණියහ.

මොවුන් දිවයින පුරා සංචාරය කිරීමට නියමිත අතර එහිදී ශ්‍රීලාංකික සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන , දේශීය ආහාරපාන , සුන්දර වෙරළ තීරයන් , ස්වාභාවික මං පෙත් සහ කොළඹ නගරයේ සාප්පු සවාරි ඇතුළු සුවිශේෂී ස්ථාන තම ගනනාන්තය කර ගනු ඇත.

මෙම සංචාරක වැඩසටහන සඳහා ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී කරවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල මහජන නියෝජිතායතනය වන Aviareps India ආයතනය සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර ආගන්තුක සත්කාර සහ සැපයුම් සහකරු ලෙස Cinnamon Hotels and Resorts ආයතනය ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්ව සංවිධාන කටයුතු සිදු කළ අතර, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව සංචාරක ගමනානන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ බව ඔවුන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...