අධිකරණ අමාත්‍ය විජයදාසගේ අභියාචනා පෙත්සම කල් යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW):අද (22) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එම අභියාචනා පෙත්සම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල්තැබුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...

කීරි සම්බා හිඟයට හේතුව?එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියන කතාව..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : වර්තමානය වන විට වෙළඳපොළේ...