වගා නොකරන ඉඩම් වවන්න නව නීති ගෙන ඒමට ආණ්ඩුව සූදානමින්!

Date:

කොළඹ LNW:සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කරයි.

එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර සැමට විශ්‍රාම වැටුපක් ලැබිය යුතු බවටද යෝජනා කරන බව ඔහු සඳහන් කරයි.

”සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි. එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි. ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා නොකරන ලද ඉඩම් රැසක් ඇති බවට අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒවා වගා කටයුතු සඳහා යොදා ගත යුතුයි. ඒ සමාජය සවි බලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන නිසයි. එබැවින් වගාවට සුදුසු නමුත් මෙතෙක් වගා කටයතු සිදුකර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන ආකාරයේ නව නීති හඳුන්වා දීමට ද කටයුතු කරනවා. එමෙන්ම මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූ දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා. එලෙසම ව්‍යවසායක රාජ්‍යයක් බිහිකර ගැනීමට ද අප කැපවිය යුතුයි. ඊට සමඟාමීව සැමට වෘත්තීය අධ්‍යාපනය ද ලැබිය යුතුයි. රට සංවර්ධනය කර ඉදිරියට ගෙනයාමට මෙම කටයුතු සිදුකල යුතුයි.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...