*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

වෙසඟේ ලැබූ නිදහස!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW): හෙටට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමනු ලබන අතර, මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව, වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් ද, මහර බන්ධනාගාරයෙන් 37ක්, වශයෙන් දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් සිරකරුවන් 278 ක් 23 වන දින නිදහස් කිරීමට නියමිතව ඇත.

කාන්තා රැදවියන් 10ක්ද ඒ අතර සිටින බව සඳහන් වේ.

ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම පොදු සමාව සිරකරුවන් හට ප්‍රදානය කර ඇත.

2024.05.23 දින වන විට බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන(ගත කරන ලද) ලද වසරකට හෝ ඉන් කොටසකට සති එකක (සති 01ක්) සමාවක් ප්‍රධානය කිරීම.

දඩ මුදල් නොගෙවීම නිසා 2024.05.23 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

තවද, මෙවර 2024 මැයි මස 23 හා හා 24 යෙදී ඇති වෙසක් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත. ඒ අනුව 2024.05.23 හා 24 දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත්වන පරිදි පමණක් ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan