නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි – අද (22) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (මැයි 22) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...