වොෂින්ටනයේදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි!

Date:

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විවාහ ගිවිස ගැනීමට නියමිත තරුණ යුවළක් බව වාර්තා වේ.

මෙම ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනා යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.. 

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු චිකාගෝහි පදිංචි 30 හැවිරිදි අයෙකි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වින්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායල තානාපති කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඝාතනය කිරීම පැහැදිලිවම යුදෙව් විරෝධී මත පදනම් වූවක් බවයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...