වොෂින්ටනයේදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විවාහ ගිවිස ගැනීමට නියමිත තරුණ යුවළක් බව වාර්තා වේ.

මෙම ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනා යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.. 

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු චිකාගෝහි පදිංචි 30 හැවිරිදි අයෙකි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වින්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායල තානාපති කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඝාතනය කිරීම පැහැදිලිවම යුදෙව් විරෝධී මත පදනම් වූවක් බවයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...