රාජිත,කෙහෙළිය,දයාසිරි ඇතුළු හිටපු ඇමතිවරු 12කගේ ගිණුම් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර!

Date:

කොළඹ LNW:ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ අරමුදල් බෙදා හැරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව විමර්ශනයට අවශ්‍ය සහයෝගය දැක්වීමට සහ අවශ්‍ය තොරතුරු සැපයීමට මහේස්ත්‍රාත්වරිය අදාළ රාජ්‍ය බැංකුවලටද නියෝගයක් ද නිකුත් කර ඇත.

මෙහිදී අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 36 දෙනෙකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදු කළ බවත් අනතුරුව ඉන් මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව පැවැත්වූ මූලික පරීක්ෂණයට ඇතුළත් වූ මහජන නියෝජිතයින්ගේ ලෙස පී.හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී.දයාරත්න, එස්.සී.මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ.ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, විදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ ඩී.එම්. ජයරත්න යන අයගේ නම් දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...