කැස්බෑව පිරවුම්හලට ඉන්ධන ලබාදීම අත්හිටුවයි !

Date:

කැස්බෑව නගරෙය් පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන තොග නිකුත් කිරීම අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පොල්ගස්ඕවිට ඉන්ධන පිරවුම්හල වෙත රැගෙන යමින් තිබූ ඉන්ධන බවුසරයක් කැස්බෑව ඉන්ධන පිරවුම්හල වෙත රැගෙන ගොස් එහි තිබූ ඉන්ධන ගොඩබෑමේ සිද්ධියක් පසුගිය දිනවලදී වාර්තා විය. මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකින් පසුව, කැස්බෑව පිරවුම්හල වෙත ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.

නැවත දැනුම් දෙනතුරු සිය පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් නොකරන බව කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ පාලනාධිකාරිය ප්‍රදර්ශනය කර තිබේ.

විෂය බාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ යම් ඉන්ධන පිරවුම්හලක් ආශ්‍රිතව කඩාකප්පල්කාරී සිදුවීමක් වාර්තා වුවහොත් අදාල පිරවුම්හල වෙත ඉන්ධන තොග නිකුත් කිරීම අත්හිටුවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...