Sunday, March 26, 2023
spot_img

Latest Posts

තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ඇමති ධුර බාර ගැනීමට සූදානමින් !

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළ අතර කෙසේ ඇමති ධුර හෝ වෙනත් තනතුරු බාර ගැනීමට සූදානම් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් පසුගියදා දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන් අතර ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාද සිටියේය. පක්ෂයේ තීරණය නොතකමින් ඔහු ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර තිබිණි.

මේ අතර පක්ෂයේ තීරණයට පිටින් යමින් ඇමති ධුර බාර ගැනීමට තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් සෘජුවම ආණ්ඩුවට සහාය දීමට සූධානමින් සිටී.

මහින්ද අමරවීර මහතාට කැබිනට් ඇමති ධුරයක් හිමිවීමට නියමිත අතර ඉතිරි සිව්දෙනාගෙන් තිදෙනෙකුට රාජ්‍ය ඇමති ධුර ලබාදීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.