21 වැනි සංශෝධනය හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීම ජනපති අණින් නවතී !

Date:

දැනට බලාත්මක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කර යළිත් 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාල 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි වාර්තා වූයේ.

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ 21 වැනි සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි. ඊට පෙර එය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු බවත්, නීති කෙටමුපත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එම කෙටුම්පත වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත යොමුකළ යුතු බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ යෝජනාව සඳහා පොදුජන පෙරමුණේ අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව 21 වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහකාර පොලිස් අධිකාරී ඕලුගලට විශේෂ රාජකාරියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සහකාර පොලිස් අධිකාරී...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත: දෙවන වර කියවීම හෙට!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත හෙට දින...

ඇමති විජිතගේ ස්ථාවරය ප්‍රබලයි.විය යුත්තේ එයයි – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

කොළඹ LNW: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ කටයුතු...

ආගම මැයෙන් මිනිසුන් කුපිත කරවන ආගමික නායකයන් මැද, ආදරයේ පණිවිඩය ක්‍රියාවෙන් ඔප්පුකළ පාප්වහන්සේ: සමරිසි බැතිමතුන් දහස් ගණනින් වතිකානුවට!

ආගම මැයෙන් මිනිසුන් කුපිත කරවන ආගමික නායකයන් මැද, ආදරයේ පණිවිඩය ක්‍රියාවෙන් ඔප්පුකළ පාප්වහන්සේ: සමරිසි බැතිමතුන් දහස් ගණනින් වතිකානුවට!