කෝටි 200 ක තමිල්නාඩු ආධාර තොගය කොළඹ වරායට – සහල්, කිරිපිටි, ඖෂධ, වෛද්‍ය උපකරණ තොගයක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පරිත්‍යාග කළ ද්‍රව්‍යමය ආධාර තොගය අද කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

සහල් මෙට්‍රික් ටොන් 9000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් මෙම ආධාර තොගයට ඇතුළත් වන අතර මීට අමතරව ටොන් 25 කින් සමන්විත ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයකින්ද සමන්විත බවයි වාර්තා වන්නේ.

මෙම භාණ්ඩ තොගය තමිල්නාඩු ආධාර වැඩපිළිවෙලේ පළමු කොටස වන අතර තවත් අදියර කිහිපයක් යටතේ තමිල්නාඩු ආධාර ලැබීමට නියමිතය. ඒ යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් සහ ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණද ඇතුළත් වේ.

මෙම ආධාර උතුර, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ජනතාව වෙත බෙදාදීමට නියමිතය.

මෙම ආධාර තොගය බාර ගැනීම සඳහා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටි අතර ඉන්දියාව වෙනුවෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...