නිව්ටන්ලා කැලේ. නාසා එක හඳේ : විමල්ගේ අලුත්ම ගුරුත්වාකර්ෂණ නියමය මෙන්න ! (VIDEO)

Date:

අරගලයේ සුලමුල හෙළිකරමින් යන අතරේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තවත් අපූරු සොයාගැනීමක් කර තිබේ. ඒ, තුර්කියේ සිටින පුද්ගලයකු ශ්‍රී ලංකාවට පැමිණ බර කිරුවොත් කිලෝ ග්‍රෑම් කිහිපයක් අඩුවෙන් බර පෙන්වන බවකි.

“ඊයෙ පෙරේදා නාසා එක ඒගොල්ලොන්ගෙ අධ්‍යන වාර්තාවක ප්‍රතිඵල නිකුත් කළා, ලෝකෙ ගුරුත්වාකර්ෂණ බලය අඩුවෙන්ම පිහිටලා තියෙන තැන තමයි ලංකාවේ සිතියමේ දකුණු පළාත කියලා. ඒකෙ උදාහරණයක් හැටියට කියලා තියෙනවා තුර්කියේ ඉන්න කෙනෙක් ලංකාවට ඇවිල්ලා බර කිරුවොත් එහේ බරට වඩා කිලෝ කීපයක් අඩුවෙන් එන්නේ කියලා. දැන් ඔය අපේ දොස්තර මහත්තයලා කියනවානෙ වයසට අනුව තියෙන්න ඕනෙ බරක්. ඒ මුළු ලෝකෙටම හදපු සූත්‍රයක්නෙ. ඒක ගුරුත්වාකර්ෂණය අඩුවැඩිතාව බලලා හදපු සූත්‍රයක් නෙවෙයි. දැන් ඒ බර අපේ රටට අනුව වෙනස් කරගන්න වෙනවා මේ තියෙන වාර්තාව අනුව. එතකොට දැන් ගුරුත්වාකර්ෂණ බලයෙන් අඩුම තැන තියෙන්නේ මෙතන. ඒ කියන්නෙ අනාගතයේ හැදෙනවා අභ්‍යවකාශයට යන්න ටනල්. දැනට කරන එක වියදම් වැඩියි, ඒගොල්ලො හිතනවා ගුරුත්වාකර්ෂණ බලය අඩු තැන්වල ඉඳන් අභ්‍යවකාශගත වීම සඳහා ටනල් …. ඒ විද්‍යාඥයො දැනට සාකච්ඡා වෙනවා. එතකොට මේක ඒ අතිනුත් වැදගත්ම තැන වෙනවා. දැන් ඕනෙ නම් අපට අපෙ හාමුදුරුවනේ, ඩොලර් ටිකක් උපයා ගන්න පුළුවන් ලෝකෙ පුරා කැම්පේන් එකක් කළොත් ඔබේ බර වැඩිද, බර අඩුකරගන්න ලංකාවට එන්න කියලා. ලෝකෙ ඕන තරම් සුද්දෝ ඉන්නවානෙ බර වැඩි සුද්දෝ. මෙහෙට ආවාම ඔය ජිම් යන්නෙත් නැතුව ශේෂ් එකේ කිලෝ කීපයක් අඩුකරගත්තෑකි ආපු ගමන්. එහෙමත් සුද්දෝ ගෙන්නතහැකි. ඕකත් විකුණත හැකි ලෝකෙට”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ “නවය සැඟවුණු කතාව” නමින් එළිදැක්වූ සිය පොත පිළිබඳව රැස්වීමකදී අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍ය නම් වාර්තා කර තිබුණේ නවසීලන්තයෙහි සිටින කිලෝග්‍රෑම් 68ක් බර පුද්ගලයෙකු මාලදිවයින (ශ්‍රී ලංකාවත් මෙම කලාපයට අයත් වේ) හෝ කැනඩාවේ හඩ්සන් බොක්ක ප්‍රදේශයේදී ග්‍රෑම් 03කින් පමණ බර අඩුවෙනු ඇති බවකි. එය ශරීර බරෙන් විසිපන්දාහෙන් එකක් වැනි කුඩා අගයක් බවත් එහි සඳහන්ව තිබිණි.

https://www.nzherald.co.nz/travel/nasa-reveals-why-youll-lose-weight-in-sri-lanka-but-not-borneo-in-gravity-study/NFFFHPMJNJFJZMBDLRRF5AHJTQ/

ඒ අනුව, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේදී පුද්ගලයකුගේ බර ලොව වෙනත් රටකට වඩා කිලෝග්‍රෑම් කිහිපයකින් අඩුවන බවට වූ සොයාගැනීම විද්‍යාචක්‍රවර්තී විමල් වීරවංශයන් විසින්ම කළ එකක් විය යුතුය … ඉතින් මේ රට මෙහෙම හරි තිබෙන්නේ විමල්ලා වැනි කුශාඝ්ර බුද්ධිමතුන්ගෙන් මේ රටට අඩුවක් නැති නිසාය. නිව්ටන්ලා කැලේය, නාසා එක හඳේය ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...

රනිල්ට වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද නිල ආරාධනා පත්‍රය මෙන්න !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් 2023...