මෙක්සිකෝහි මැතිවරණ රැලියක වේදිකාව කඩා වැටීමෙන් 6 දෙනෙකු මිය යයි; 50 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(22)දිනයේ මෙක්සිකෝවේ ඊසානදිග සැන් පේද්‍රෝ ගාර්සා ගාර්සියා නගරයේහි ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මයිනෙස්ගේ ප්‍රචාරක රැලියකදී දැඩි සුළඟ හේතුවෙන් වේදිකාවක් කඩා වැටීමෙන් හය දෙනෙකු මියගොස් ජනාධිපති අපේක්ෂකයා ඇතුළු 50 දෙනෙකු තුවල ලබා ඇති බව වාර්තා වේ.

මෙක්සිකෝවේ Nuevo Leon ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, වැටුණු වේදිකාවට යට වී සිටින පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා තිබුණේ තද සුළං, ගිගුරුම් සහිත වැසි සහ වැසි ගැන අනතුරු අඟවමින් කර ඇති බැවින් ගෘහස්ථව සිටින ලෙසයි.

මෙක්සිකෝවේ කාලගුණ විද්‍යා සේවය කලාපය පුරා ප්‍රබල සුළං පුරෝකථනය කර ඇති අතර, බදාදා පස්වරුවේ සිට පැයට කිලෝමීටර් 70 (පැයට සැතපුම් 43) දක්වා තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබිණ.

මෙක්සිකෝව ජූනි 2දා ඉතිහාසයේ විශාලතම මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එය දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ඝාතන වලින් ඉහල ගොස් ඇත. එරට නිල සංඛ්‍යා දත්ත වලට අනුව, අප්‍රේල් 1 වනදා වන දා සිට මේ දක්වා එරට අවම වශයෙන් අපේක්ෂකයින් 28 දෙනෙකුට පහර දී ඇති අතර, 16 දෙනෙකු මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...