රනිල්ගේ ණය ගැටේ කිරිඇල්ල ලෙහයි!

කොළඹ LNW:ජන්දය අවසන් වනතුරු ආණ්ඩුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මන්ත්‍රීවරයා පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන තුරු ණය නොගෙවා සිටිය හැකි හෙයින් ජනාධිපතිවරයා විසින් මැතිවරණය අවසන් වනතුරු එයට අත නොතබන බවයි.

මේ වන විට වසර දෙකහමාරක් පමණ විදෙස් ණය නොගෙවීම සිදුකරමින් තිබෙන අතර ලොව වෙනත් කිසිම රටක් මෙලෙස හැසිරී නොමැති අතර වසරක් පමණ ගත වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යොමුවන බවයි කිරිඇල්ල මහතා කියාසිටියේ.

කෙසේවෙතත් ණය ගෙවීම ආරම්භ කළ පසු වසරකට ඩොලර් බිලියන 6ක් ගෙවිය යුතු වන බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...