වින්සන්ට් වැන්ගෝ … තරු පිරි රැයේ උරුමකරු

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැන්වසයක් මත ආලේපවන තීන්ත පහරකින් ඔබ්බට සිය නිර්මාණ තුළ ජිවන යථාර්තය නිරුපනය කළ කෘතහස්ත නිර්මාණවේදියෙකු ලෙස වින්සන්ට් වැන්ගෝ හැදින්වේ.

1853 වසරේ නෙදර්ලන්ත ජාතිකයෙකු ලෙස උපත ලබන වාන්ගෝ අවුරුදු 37කට සිමා වූ සිය කෙටි ජීවිත කාලය තුළ නිර්මාණය කළ සිතුවම් අතාරින් අළෙවිව ඇත්තේ THE RED VINEYARD යන සිතුවම පමණයි.

වැන්ගෝ ඔහුගේ ජිවිත කාලයම ගෙවන්නේ ආදරය අහිමි වූ ශෝකයෙන්, ශාරීරික මෙන්ම මානසික අසනීපයෙන් වගේම කුසගින්නෙන්, මානසික ආතතිය හේතුවෙන් වැන්ගෝ වරක් තමා විසින්ම සිය දකුණු කන කපාගෙන තිබු අතර ඔහු විසින්ම එය සිතුවමටද නගා තිබුනා.

1890 වසරේ ජුලි 14වන දා තිරිඟු යායකදී වෙඩිතබා ගත් ඔහු ඉන් දින දෙකකට පසු මෙලොවින් සදහටම සමුගෙන ගත්තා.

ඔහුගේ සිතුවම් සිය සහෝදරයා වූ තියොට හිමිවූ අතර ඒවා ට ලෝකයේ අවධානය දිනා ගැනීමට තියෝගේ බිරිඳ මුල් වුනා.

අද වන විට වැන්ගෝගේ සිතුවම් ඉතා ජනප්‍රිය මෙන්ම මිල අධිල සිතුවම් වුවත්, ජීවත්ව සිටි කාලයේ ඒවා අළෙවි කර ගැනීමට නොහැකිව ඔහු විදි පිඩාව අපමණ බවයි පැවසෙන්නේ, එදා බොහෝ දෙනා මානසික උන්මත්තකයෙකු ලෙස සලකු වැන්ගෝ අද බොහෝ දෙනා දකින්නේ ඔහුගේ විශිෂ්ඨ නිර්මාණ කියාපාන නුහුරු යථාර්තය හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...