*
Sunday, June 16, 2024
spot_img

Latest Posts

මියන්මාරයේ හා රුසියාවේ සිරවී සිටින පිරිස් රැගෙන ඒමට විපක්ෂයෙන් විශේෂ මෙහෙයුමක්!

කොළඹ LNW:මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සහ රුසියානු යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙන ඒමට සමගි ජන බලවේගයෙන් රාජතාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන පවසා රවටා මියන්මාරයට ගෙන්වා ගැනීමෙන් පසු මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින තරුණයන් සහ වැඩි වැටුපකට රැකියා ලබා දෙන පවසා රවටා රුසියාවට ගෙන ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙළ සඳහා බලහත්කාරයෙන් යොමු කර සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් මුදවා ගෙන ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වන කටයුතු සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම මත සමගි ජන බලවේගයේ නියෝජිතයන් තිදෙනකු එම රටවල්වලට යැවීමට තීරණය කර ඇත.

මේ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජේ. සී. අලවතුවල, කේ. සුජිත් සංජය පෙරේරා සහ වසන්ත යාපා බණ්ඩාර යන පිරිස මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට එම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ හැකි දේවල් සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan