පළාත් පාලන ජන්දේ කල් දැම්මට ජනාධිපතිවරණයත් එක්ක වංගු ගහන්න බෑ – චම්පික

Date:

කොළඹ LNW: පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්විය නොහැකි බවත් ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113 කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් එය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ඒ ජනාධිපතිවරයා මහජන මතයෙන් පත්නොවිමත් ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් බවත් ඒ මහතා පවසා සිටියි.

එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 5ක අල්ලසක් ලබාදෙන බවට පැතිරයන කතාව පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක මහතා පවසා සිටින්නේ මෙය විමධ්‍යගත අරමුදල මගින් දශක ගණනවක් සංවර්ධන කටයුතු සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව එය නවතා දැමූ බවත් එම වසර 5ට අදාළ මුදල් මේ වනවිට ලැබීම මෙම කට කතාවට මුල් වී ඇති බවත් හෙතෙම කියාසිටියි.

එම මුදල් ලබාදීමේදී සපයා ඇති මාර්ගෝපදේශ අනුව එම සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා වන අතර එම පැතිර යන කතා සත්‍ය නොවන බවද පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...