පැරිස් ඔලිමිපික් සිහිනය සොයා ගිය ප්‍රසන්න සහ මිහිරාන් හෙට සිට බැංකොක් හී දී සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 23, කොළඹ (LNW):

කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් තරග වඳින උදයංග මිහිරාන් සහ කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග වදින රුක්මාල් ප්‍රසන්න මැයි 24 වන දා සිට ජූනි 2 දක්වා තායිලන්තයේ පැවත්වෙන Boxing Road to Paris දෙවන ලෝක සුදුසුකම් තරඟාවලිය 2024 සඳහා සහභාගිවීමට නියමිතයි.බැංකොක් ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවත්වෙන මෙම තරගාවලියේ දී ඔලිම්පික් තරගාවලිය නියෝජනය සඳහා ඉතිරිව තිබෙන ස්ථාන 51 සඳහා (කාන්තාවන් සඳහා 23 ක් සහ පිරිමින් සඳහා 28 ක්) බොක්සිං බර කාණ්ඩ 13 ක් යටතේ (කාන්තා බර කාණ්ඩ සඳහා 6 ක් සහ පිරිමි බර කාණ්ඩ 7 ක්) යටතේ සුදුසුකම් පරික්ෂා කිරිම මෙම තරගාවලිය යටතේ සිඳු කිරීමට නියමිතය.


සමස්ථ තරඟ 248 ක් මෙම තරගාවලියට අයත් වෙයි. විවිධ බර කාණ්ඩ 13ක් හරහා කාන්තා තරගකාරියන් 124ක් සහ පිරිමි තරගකරුවන් 124 සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරයි.පුහුණුකරුවන් ලෙස මෙම තරගාවලියට හර්ෂ කුමාර සහ ධනුෂ කුමාර එක් වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... පුවත...