ඉවසමු. ජයගමු …!

Date:

වෙනදා කාරුණික ප්‍රියමනාප වදන් දෙඩූ බොහොමයක් අද වනවිට රළුපරළු, ප්‍රකෝපකාරී වදන් දොඩති..පුපුරා යාමට ආසන්න බැළුමක් සේ යන්තම් අතක් වැදුනද පුපුරති..
මේ අප්‍රසන්න වාතාවරණය මැද සාමකාමී බොහෝ දෙනා මුහුණු අඳුරු වළාවන් වැනිය.

සතුටු තෝතැන්නක් වී තිබුණු මුහුණු පොත මේ වනවිට අරගලයේ තෝතැන්නක් කෙසේ වෙතත් මතගැටුම් සහ බහින්බස්වීමේ තෝතැන්නකි..පණට පණ මෙන් සිටි යහළු යෙහෙළියන් දේශපාලන මතවාද නිසා අමනාප වී ගොසිනි..

අපේ රට මේ වනවිට වැටී ඇති කණගාටුදායක තත්වයෙන් ගොඩ ගැනීමට හැක්කේ අපටම පමණි..විනාශ වූ සෑම රටක්ම ගොඩනැගීමට අඩිතාලම දැමූයේ පාලකයන්ම නොව තනි තනිව නැගීසිටීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානය ඇතිකරගත් ජනතාවය..

උතුරේ යුද්ධයක් පවතිනකල දෙපැත්තෙන්ම තැලෙන දමිළ ජනයා කෙතරම් දුක්ඛිත ජීවිතයක් ගෙවමින් වුවද ඉමහත් ධෛර්යයෙන් නැඟී සිටි ආකාරය අප දෑසින් දුටුවෙමු . ඔවුන් පරුෂ වචන පාවිච්චි කළේ නැත..පවතින තත්වයට ඔරොත්තු දෙමින් විශ්ව විද්‍යාල තුල පවා සමහර අසාධාරණයන්ට මුහුණ දෙමින් තම අරමුණ වෙනුවෙන් කැපවී සිටියහ..
ඒ ඔවුන්ගේ දරාගැනීමේ ශක්තිය හා බුද්ධිමත් භාවයයි.. සැබැවින්ම අවශ්‍ය වන්නේ එයයි..ඉවසීමෙන් යුතුව බලා සිටිමින්, ප්‍රශ්ණ වලට බුද්ධිමත් ලෙස මුහුණ දෙමින් ජීවිතය ජයගැනීමයි..

අද ලෝකයේ බොහෝ රටවල දමිළ ප්‍රජාව ඉහළ තනතුරු දරන්නේද එබැවිණි.ඔවුන්ගේ ඉවසීම, අවංකභාවය, බුද්ධිමත් භාවය, කටුක පරිසරය තුල අධිෂ්ඨානයෙන් නැඟී සිටීම අතිවිශිෂ්ඨ බව කවුරු අමනාප වුවද කිවයුතුව ඇත..

ජපානය ද නැගිට්ටේ ද බිංදුවේ සිටය..ඔවුනට අපට මෙන් උදාහරණ නොවීය..අපට තවමත් හැකියාව ඇත…නෑ බෑ…දියව් කියමින් නොසිට ඔව් පුලුවන් කරමු..කියා එකතු වීම මත පමණක් රටේ විප්ලවීය වෙනස කල හැකිය.එකතුව නැගී සිටී නම් අපට කල නොහැක්කක් නොමැත. මේ මොහොතේ ජන මාධ්‍ය තම වගකීමක් ලෙස සලකා ජනතාවට දිරි දිය යුතුය.
අප සැම එකීනෙකා සතු වගකීම ඉටු කරයි නම් රට තිබුනාටත් වඩා ලස්සන වනු ඇත..

සිංහලයා කැමති අත වෙහෙසන්නෙ නැතිව නොමිලයේ හැමදේම ලබන්න..ඒ නිසානෙ දේශපාලඥයින් පස්සෙන් හෝ ගොස් ෂෝට් කට් වලින් වරප්‍රසාද ලබන්නයි සිංහලයාගේ වැඩි කැමැත්ත .

අනුන්ගේ ඇදකුද හොයමින් ශාප කිරීමට ප්‍රථම තම තමන්ගේ අඩුපාඩු හොඳින් අවබෝධ කොටගෙන ජීවිතය සාර්ථක කරගැනීමෙන් , ඔබත් මමත් රටත් සියල්ලම ජයග්‍රහණය කරා ගමන් කරනු ඇත.

සැමට ජය වේවා!

  • රෂිකා සඳමාලි හෙන්නායක facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...